මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලි මිනිස් ගැටුම විසඳීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙලක් අවශ්‍යයි- වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය

    ජූලි 05, 2023

    අලි මිනිස් ගැටුම විසඳීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙලක් ඇති කළයුතු බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    අමාත්‍යවරිය මේ බව පැවසුවේ අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊට අදාළ සියලුම ආයතන ඒකාබද්ධ කර ගනිමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ( 04) පැවති වැඩමුළුවට සහභාගි වෙමිනි.

    වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා ඊට අදාළ අනෙකුත් සියලුම ආයතනයන්ගේ මැදිහත්වීමෙන් සකස් කෙරෙන අලි මිනිස් ගැටුම විසඳීම සම්බන්ධයෙන් වූ ජාතික ප්‍රතිපත්තිය හා වැඩපිළිවෙළ පාර්ලිමේන්තුව තුළ විවාදයට ගත යුතු බවත්, ආංශික අධීක්ෂණ කමිටුවලට යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිසි සැකැස්මක් සකස් කළ යුතු බවත් අමාත්‍යවරිය පැවසුවාය.

    වත්මන් තත්වය තුළදී අලි මිනිස් ගැටුම මෙරට ප්‍රධාන ගැටලුවක් බවට පත්වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විසඳුම් සෙවීමේදී කොතරම් මුදලක් වැය වුවද වැයවන මුදල නොව ස්ථිරසාර විසඳුමක් ලබාගැනීමට කටයුතු කළ යුතු අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් පැවසීය.

    මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල සකස් කරන විට කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන විසඳුම් සහිතව සැකසිය යුතු බවත් ගැටලුව උග්‍රවීමට අතීතයේ ගත් තීන්දු තීරණ බලපෑ බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.
    මේ හේතුවෙන් මෙරට ජනතාව මෙන්ම අලින්ද දුක් විඳින බවත්, වන අලි සංරක්ෂණය වෙනුවෙන් ප්‍රධාන සැලසුමක් හැකි ඉක්මනින් සකස් කළ යුතු බවත් අමාත්‍යවරිය පැවසීය.

    මෙම අවස්ථාවට වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත්,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂජනරාල් චන්දන සූරියබණ්ඩාර, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන්ති රණසිංහ, අලි මිනිස් ගැටුම විසඳීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ආචාර්ය සුමිත් පිලපිටිය , වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් රංජන් මාරසිංහ, අධ්‍යක්ෂ ව්‍යාපෘති මංජුල අමරරත්න, යූ.එල් තව්ෆික්, උපදේශක කමිටු සාමාජිකයන් වන දිල්රුවන් රාජපක්ෂ, චන්දන පෙරේරා, මහේෂ් බණ්ඩාර, ජී. මනිලාල්, රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති භාෂ්වර ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ නිලධාරීන්, වනජීවී දෙපාර්තමේන්තුවේ පළාත් භාර නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු, වාරිමාර්ග ඇතුළු අනෙකුත් දෙපාර්තමේන්තු නිලධාරීන්,සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ කර්නල් නන්දික සිල්වා, ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. බී. ප්‍රියන්ත ප්‍රමුඛ පොලිස් නිලධාරී මහත්වරුද, පරිසර සංවිධාන නියෝජිතයන්ද, ගොවි සංවිධාන සභාපතිවරුන් ඇතුළු ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව , දුකට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව , වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් ඇතුලු පිරිසක් මේ සඳහා සහභාගි විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya