අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමෙරිකා එක්සත් ජනපද මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් විදුලිබල ඇමති හමුවෙයි

    ජූනි 07, 2023

    මෙරටට පැමිණ සිටින ඇමෙරිකා එක්සත් ජනපද මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබර්ට් කප්‍රෝත් මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයන්වල ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින එකගතා පිළිබඳ (05) සාකච්ඡාවක් පැවැත්විණි .

    එහිදී ,පසුගිය මාස 12ක කාලය තුල රජය අත්කරගත් සාධනීය ප්‍රතිඵල, නව ගාස්තු ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේදී ඇති අභියෝග, විදුලිබල මණ්ඩලයේ මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ ද ප්‍රතිව්‍යුහගත කිරීම, නව විදුලිබල පනත ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි .

    මේ අවස්ථාවට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඩග් සොනක්, ඇමෙරිකානු මහා භාණ්ඩාගාරයේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳව අධ්‍යක්ෂ, ජෙරොඩ් මැසන්, මහා භාණ්ඩාගාරයේ නියෝජිත, බින් බ්ලොක්, එක්සත් සහයෝගීතා සහන අරමුදලේ ආර්ථික සංවර්ධනය භාර දේශීය ප්‍රධානී, ක්‍රිස් පවර්ස් සහ ඇමරිකානු තානාපති කාර්‍යාලයේ ආර්ථික නිළධාරී, ඩැනියෙල් මූන් මහතාද සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya