අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පහතරට එළවළු වගාව සඳහා ඒකාබද්ධ වගා කළමනාකරණ සැළැස්මක්

    ජූනි 07, 2023

    මෙරට පහතරට එළවළු වගාව සඳහා ඒකාබද්ධ වගා කළමනාකරණ සැළැස්මක් හා වගා කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

    මෙරට එළවළු වගාව තුළ දක්නට ලැබෙන විෂමතාවයන්ට හේතුව නිසි කළමනාකාරිත්ව සැළැස්මක් නොමැතිවීම හා වගා කාල සටහනක් නොතිබීම නිසාපැන නගින ගැටලුවක් බව පෙනී ගොස් ඇති බවත් විශේෂයෙන් පහතරට එළවළු වගාව සඳහා විධිමත් වගා සැළැස්මක් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවත් ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන හරිත කෘෂිකර්ම මෙහෙයුම් මධ්‍යස්ථානය කෘෂිකර්ම අමාත්‍යාංශයට යෝජනා කර තිබේ.

    උඩරට එලවළු වගාවෙහි යම් කළමනාකරණ සැළැස්මක් මත වගා කටයුතු සිදුවුන ද පහතරට එළවළු සම්බන්ධව වරින්වර මතුවන ගැටලුවලට හේතුවවගාව සදහා නිසි කළමනාකරණ සැළැස්මක් අනුගමනය නොකිරීම බව ද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ශ්‍රී ලංකාවේ වී වගාව ඇතුලු අනෙකුත් වගාවන් සම්බන්ධව සාකච්ඡාවක් ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී පසුගියදා පැවැත්විනි. එහි දී මෙම කරුණු අනාවරණය වී තිබේ.

    මෙරට එලවළු වගාවේ දී එක් කාලයක වෙළඳපොළෙහි එළවළු සැපයුම ඉහළ මට්ටමක පැවැතියත් කෙටි කාලයක් තුළ එලවළු හිඟ තත්ත්වයක් මතුවේ. එමෙන්ම එක් කාලයක මිල ගණන් ඉහළ මට්ටමක පවතින අතර තවත් අවස්ථාවක වගා කරන ලද එළවළු අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවේ. මෙම තත්ත්වය බහුල වශයෙන් පහතරට එළවළු වගාව තුළ දක්නට ලැබේ. නමුත් උඩරට එලවළු වගාවෙහි වසර පුරාම සාමාන්‍ය පරිදි සැපයුමහිඟයකින් තොරව සිදුවන අතර මිල ගණන්වල උච්චාවඡනය වීම ද සාමාන්‍ය පරිදි සිදු වෙයි.

    මෙම තත්ත්වයට කාලගුණික තත්ත්වයන් බලපාන නමුත් ඊටත් වඩා නිසි කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුව ඇති බව හරිත කෘෂිකර්මමෙහෙයුම් මධ්‍යස්ථානය අවධාරණය කර තිබේ.

    මෙරට පහතරට එළවළු වගාව සදහා තිරසාර වගා සැළැස්මක් පිළියෙළ කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හරිත කෘෂිකර්ම මෙහෙයුම් මධ්‍යස්ථානය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ගොවිජන නියෝජිතයින් හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව මුලික වගා සැලැස්මක් සකස් කිරීමට පියවර ගන්නාලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී ඇත.

    එමෙන්ම එක් එක් එළවළු වගාවන් සඳහා වගා සැළැස්මක් මත කටයුතු කිරීමට වගා කාලසටහනක් ද පිළියෙළ කරන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්මදෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

    මෙම සාකච්ඡාවට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සියලු නිලධාරින් හා හරිත කෘෂිකර්ම මෙහෙයුම් මධ්‍යස්ථානයේ නිලධාරින් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya