අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුලත්සිංහල සහ පාලින්දනුවර ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක්

    ජූනි 07, 2023

    දින කිහිපයකට පෙර කළු ගඟ ද්‍රෝණියේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ඇදහැලුණු සැළකිය යුතු මට්ටමේ වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් කුඩා ගඟ ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල විශේෂයෙන්ම බුලත්සිංහල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලපහළ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ , ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර මහතා පවසයි.

    එම ගංවතුර තත්වය අද (7)සහ හෙට (8) දෙදින තුළත් පවතින බව ඒ මහතා පෙන්වා දෙයි.

    එසේම දිවයිනේ වෙනත් කිසිඳු ප්‍රධාන ගංගාවක ගංවතුර තත්වයක් නොමැති බවත් විශේෂයෙන්ම දිවයිනේ නිරිත දිග සහ බස්නාහිර ප්‍රදේශවල කලු කැලණිගිං සහ නිල්වලා ගඟ සහ බෙන්තර ගඟ සහ අත්තනගලු ඔය යන ගංගාවල ජල ගලනය තරමක් ඉහල මට්ට්මක පවතින බවත් ඒ මහතා පවසයි.

    මෙම ගංඟා ද්‍රෝණි හරහා ගමන් කරන ජනතාව සහ වාහනවල ගමන් කරන රියදුරන් නිරන්තර අවධානයෙන් පසුවන ලෙසද ඒ මහතා දැනුම් දේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya