නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව ජනපතිට

    ජූනි 02, 2023

    ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව එහි සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත  (01) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් පිළිගැන්වීය.

    ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ආර්ථික රාමුව තුළ සිය ක්‍රියාකාරීත්වය සහ සමාජ හා පාරිසරික අංශ සමඟ ඇති සබඳතාව පිළිබිඹු කරමින් “අපගේ ශක්තිය ශක්තිමත් කිරීම” යන තේමාවෙන් යුතුව සිය ඒකාබද්ධ වාර්ෂික වාර්තාව එළිදක්වා තිබේ.

    2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා බැංකුවේ කාර්ය සාධනය, උපාය මාර්ග, ආයතනික පාලනය, අවදානම් කළමනාකරණය ඇතුලුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් මෙම වාර්තාවේ අඩංගු වෙයි.

    ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී අජිත් පීරිස් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya