අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ප්‍රඥප්තිය හා එක්වී (පුනි 01) වසර 75 යි

    ජූනි 01, 2023

    ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ප්‍රඥප්තිය හා එක්වී (පුනි 01) වසර 75 යි

    ලොව ආරක්ෂිත, සුරක්ෂිත මෙන්ම කාර්යක්ෂමතාවයෙන් හෙබි සහ වේගවත්ම ප්‍රවාහන මාධ්‍ය වන්නේ ගුවන් ප්‍රවාහනය යි. සමස්ථ ලෝකය පුරාවටම එකම නියාමන ක්‍රමවේදයක් යටතේ සිවිල් ගුවන්සේවා කර්මාන්තය ක්‍රියාවට නැංවීමට යොදා ඇති වැඩපිළිවෙල මෙයට ප්‍රධානතම හේතුව ලෙස දැක්විය හැකිය.

    දෙවන ලෝක යුධ සමයේ නිමාවත් සමගින් සියළු ක්ෂේත්‍රයන් එකිනෙකට අනන්‍ය වූ යම් නියාමන ක්‍රමවේදයන් යටතේ පාලනය විය යුතුය යන මතය ලෝක බලවතුන් තුල ගොඩනැංවී තිබූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රය නියාමනය හා ප්‍රවර්ධනය වෙනුවෙන් ද සංවිධානයක් බිහිවීම කාලෝචිත බව හඳුනාගෙන තිබිණ. ඒ අනුව රටවල් 52 ක නියෝජිතයන්ගේ එකඟතාවය මත ඒ වෙනුවෙන් චිකාගෝ සම්මුතිය නමින් ප්‍රඥප්තියක්අ ත්සන් තැබීමෙන් පසු එහි අන්තර්ගත කරුණු ක්‍රියාවට නැංවීම උදෙසා 1944 දෙසැම්බර් මස 07 දින ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය බිහිවිය. වර්තමානයේ එහි සාමාජික රටවල් ප්‍රමාණය 193 ක් දක්වා වර්ධනය වී ඇත.

    අදින් (ජුනි 01) වසර 75 කට ප්‍රථම, සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රය නව මාවතකට යොමුකරමින් 1948 ජූනි 01 දින චිකාගෝ සම්මුතියට අත්සන් තබමින් ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ සාමාජිකත්වය ලබාගත් ශ්‍රී ලංකාව, ඒ ඔස්සේ නිසි නියාමන ක්‍රමවේදයක් යටතේ අප රටේ සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රය මනාව කළමණාකරනය කරමින් යහපත් සහ රටට වැඩදායී ගුවන්සේවා කර්මාන්තයක් මහජනතාවට උරුම කරදීම උදෙස කටයුතු කර ඇත.

    ඒ පිළිබඳව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී පී. ඒ. ජයකාන්ත මහතා මෙසේ අදහස් දැක්වී ය.

    “ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ සාමාජිකත්වය ලබා බව 75 ක් සපුරන අද දිනය ශ්‍රී ලංකාවට සුවිශේෂී වූ දිනයක්. ගුවන්සේවා ආරක්ෂාව හා සුරක්ෂිතතාවය ප්‍රමුඛ කරගනිමින් අප රට තුලත්, රටට අයත් ගුවන් කලාපයේ සියළු සිවිල් ගුවන්සේවා ක්‍රියාකාරකම් නියාමනය කරන අප ආයතනය වන ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය මේ වකවානුවේ සුවිශේෂී කඩයිමක් පසුකරමින් සිවිල් ගුවන්සේවා කර්මාන්තයේ ආරක්ෂක කටයුතු ඉතා සංවිධානාත්මකව ක්‍රියාවට නංවමින්, ජාත්‍යන්තර ප්‍රමිතීන් එලෙසින්ම ක්‍රියාත්මක කරන බවට තවදුරටත් තහවුරු කලා. ඒ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් ගුවන්සේවා ක්ෂේත්‍රයෙ නියාමනය වෙනුවෙන් හඳුන්වා දී ඇති ප්‍රමිතීන් සපළතාවයේ යෙදවීම අතින් ඉතා ඉහළ ස්ථානයක පසුවන බවට පසුගිය මැයි 18 වනදා නිමාවූ ජාත්‍යතර ගුවන්සේවා ආරක්ෂක විගණනයේ දී තහවුරු කිරීමත් සමගින්. එහිදී ශ්‍රී ලංකාව 92% ක කාර්යසාධන ප්‍රතිශතයක් ලබාගත් අතර එය පසුගිය විගණනයට සාපේක්ෂව ඉහළ වර්ධනයක් අත්කගැනීමට සමත්වීමක් ලෙස දැක්විය හැකියි. මෙය විශ්වීය සාමාන්‍ය කාර්යසාධක අගයට වඩා ඉතාමත් ඉහළ අගයකි.

    එමෙන්ම මෙම වසර 75 ක කාලය පුරාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් උරදී කටයුතු කල සැමට කෘතවේදීත්වය පල කිරීමට ද මෙය අවස්ථාවක් කරගනිමි”.

     

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya