අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට ගොඩ ඒමට නම්,සැමට පිළිගත හැකි නීතිමය රාමුවක් සෑම ක්ෂේත්‍රයකට ම අවශ්‍යයි- ඉදිරියේ දී විකාශන අධිකාරී පනතක්- කැබිනට් ප්‍රකාශක

    මැයි 30, 2023

    පවතින තත්වයෙන් රට ගොඩ ඒමට නම්,සැමට පිළිගත හැකි නීතිමය රාමුවක් සෑම ක්ෂේත්‍රයක් සඳහා අවශ්‍ය වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ඒ අනුව ඉදිරියේදී විකාශන අධිකාරී පනත කෙටුම්පත් කරන බව අමාත්‍යවරයා පැවසීය.

    අද (30)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, විකාශන බලපත් ලබා දීම කිසිදු ජාත්‍යන්තරව පිළිගත් සම්මත ක්‍රමවේදයකට සිදු නොවන බවයි. එම නිසා විකාශන අධිකාරී පනතක් කෙටුම්පත් කිරීමට ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත් කර ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

    මෙම තිබෙන තැනින් රට ගොඩ ඒමට නම් සැමට පිළිගත හැකි නීතිමය රාමුවක් අවශ්‍ය වෙනවා. සති දෙකක් ඇතුළත රාජ්‍ය සහ පුද්ගලික විකාශන ආයතන සමග මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. කිසිවක් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. කිසිවක් සැගවීමේ අවශ්‍යතාවයක් නැහැ''යැයි අමාත්‍යවරයා කීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya