අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු පාර්ලිමේන්තු මහලේකම් සේවය ඇගයීමේ විවාදය අද

    මැයි 25, 2023

    විශ්‍රාම යන පාර්ලිමේන්තුවේ මහලේකම් ඩබ්ලිව්.බී.ඩී. දසනායක මහතාගේ සේවය ඇගයීමේ යෝජනාව සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    වේත්‍රධාරීවරයා විසින් මහලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවාගෙන පැමිණි අතර එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම ආසන වලින් නැගිට ඔහුට සිය උපහාර පුද කළේය.

    වරුණ බණ්ඩා ධම්මික දසනායක මහතා වසර 29ක් පාර්ලිමේන්තුවේ සේවය කර තිබේ.

    පාර්ලිමේන්තු මහලේකම්, සහකාර මහ ලේකම් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් තනතුරු හෙබ වූ ඒ මහතාට, පාර්ලිමේන්තුවේ කාර්ය පටිපාටි පිළිබඳ පුළුල් දැනුමක් තිබිණි. රාජකාරී කටයුතු වලදී එතුමා සතු දැනුම දැඩි කැපවීම කැපී පෙනුණි. ධමිමික දසනායක මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කලාපීය ලේකම් වශයෙන් 2010 සිට 2012 දක්වාද 2022 සිට 2023 දක්වාද කටයුතු කර තිබේ.

    විවාදය ආරම්භ කරමින් සභානායක ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේ, පාර්ලිමේන්තු සම්ප්‍රදායන්,ස්ථාවර නියෝග, කාර්ය පටිපාටි පිළිබඳව ධම්මික දසනායක මහතාට විශාල දැනුමක් තිබූ බවයි.

    විවිධ අවස්ථාවල විවිධ ප්‍රශ්න සහ අභියෝග හමුවේ, මහලේකම්වරයා වශයෙන් එම තනතුරේ ගෞරවය ආරක්ෂා කරගනිමින් කටයුතු කළ බවද සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

    ධම්මික දසනායක මහතා වර්තමාන රජයේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරමින් ආංශික අධීක්ෂණ සභා 17 පිහිටුවීමේදී විශාල කැපවීමෙන් කටයුතු කළ බව සඳහන් කළේය. විශේෂයෙන් පාර්ලිමේන්තුවේ දෛනික කටයුතු වලට අමතරව, කමිටු පිහිටුවීම, අතිරේක කමිටු පිහිටුවීම , ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවීමේදී වෙනත් රටවල ආංශික කාරක සභා අධ්‍යනය කරමින් කටයුතු කළ බවත් පසුගිය සමයේ තරුණ තරුණියන්ගේග අදහස් සමග ගළපාගනිමින් විවිධ වැඩමුළු පවත්වමින් පාර්ලිමේන්තුව තුළ මේ සම්බන්ධයෙන් නව ප්‍රවණතා ඇති කළ බවද කීය. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳ වෙනත් රටවල් සමග අදහස් හුවමාරු කරගනිමින්, වෙනත් රටවල පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අධ්‍යනය කරමින් කටයුතු කළ බවද කීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya