අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ආයතනවලට තොරතුරු තාක්ෂණය යොදාගැනීම සම්බන්ධයෙන් කොපා කමිටුව වර්තමාන ප්‍රගතිය සාකච්ඡා කරයි

    මැයි 25, 2023

    රාජ්‍ය ආයතනවලට තොරතුරු තාක්ෂණය යොදාගැනීම සම්බන්ධයෙන් කොපා කමිටුව වර්තමාන ප්‍රගතිය සාකච්ඡා කරයි

    2023.03.23 කෝපා කමිටුව රැස්වූ අවස්ථාවේදී රාජ්‍ය ආයතනවලට තොරතුරු තාක්ෂණය යොදාගැනීම සම්බන්ධයෙන් දින වකවානු සහිතව වැඩපිළිවෙළක් 2023.05.15 පෙර ලබාදෙන ලෙස නිර්දේශ කරමින් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටවනු ලැබීය.

    ඒ් අනුව එම කමිටුව විසින් සකස්කළ වැඩපිළිවෙල ඉදිරිපත් කිරීම සඳහා කෝපා කමිටුව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් (23) පාර්ලිමේන්තුවේදී රැස් විය.

    මේ අනුව රාජ්‍ය ආයතන 13 කට අදාළව තොරතුරු තාක්ෂණය යොදාගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ඉදිරිපත්කිරීමක් සහිතව පැහැදිලි කළේය. මෙහිදී පහත ආයතන 13ට තොරතුරු තාක්ෂණය යොදාගැනීම සම්බන්ධයෙන් පැදිලිකිරීම සිදු කරන ලදි.

    1. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
    2. ශ්‍රී ලංකා රේගුව
    3. ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව
    4. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
    5. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
    6. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
    7. සුරාබදු දෙපාර්තමේන්තුව
    8. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
    9. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
    10. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    11. ආහාර පාලන ඒකකය , සෞඛ්‍ය අමාත්‍යාංශය
    12. කොළඹ මහා නගර සභාව
    13. මුදල් ,ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය

    මෙහිදී මෙසේ තොරතුරු තාක්ෂණය යොදාගැනීමේදී මතුවන ගැටලු, එම යොදාගන්නා මෘදුකාංග යාවත්කාලීන කිරීම සහ නඩත්තුකිරීම පිළිබඳ කෝපා කමිටුව දීර්ඝව සාකච්ඡා කළේය. විශේෂයෙන්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට තොරතුරු තාක්ෂණය යොදාගැනීම සහ එහිදී භාවිත කිරීමට බලාපොරොත්තු වන මෘදුකාංග සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානය යොමුවිය. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයද (ICTA) මෙම කාර්යයට තම ආයතනයෙන් ලබාදෙන දායකත්වය පිළිබඳව පැහැදිලි කරන ලදි. එසේම මේ සඳහා නිලධාරීන් පිරිසක් Zoom තාක්ෂණය ඔස්සේ ද සම්බන්ධ විය.

    මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩයනා ගමගේ, චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පෙරේරා, ජේ. සී. අලවතුවල, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, වීරසුමන වීරසිංහ, මංජුලා දිසානායක සහ (ආචාර්ය) හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya