මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති සහ සෞඛ්‍ය ඇමති අතර හමුවක්

    මාර්තු 30, 2023

    ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂික්සින් චෙන් (Shixin Chen) මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිසක් අතර විශේෂ හමුවක් පසුගිය දිනවල දී පිලිපීනයේ මැනිලා අගනුවර ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථානයේදී පැවැත්විණි.

    එහිදී දැනට ආසියානු සංවර්ධන බැංකුව මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර වලට අමතරව ඉදිරි වසර කිහිපය සඳහා මෙරට ප්‍රාථමික සත්කාර අංශය දියුණු කිරීමට සහ අනෙකුත් සෞඛ්‍ය අංශයන්හි අවශ්‍යතාවය සඳහා ආධාර ලබාගැනීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්විණි.

    දීර්ඝ ලෙස පැවති එම සාකච්ඡා වලින් පසු මෙරට නියෝජිතයින්ගේ එම ඉල්ලීමට ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපතිතුමන් ඇතුළු අනෙකුත් නිලධාරීන් ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබුණු අතර ඔවුන් විසින් මෙරට සෞඛ්‍ය පද්ධතිය නගාසිටුවීම සඳහා හැකි ඉහළ සහයෝගයන් ලබා දීමට කටයුතු කරන මෙහිදී ප්‍රකාශ කර සිටියහ.

    මෙම සාකච්ඡා වටය සඳහා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සමඟ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එක්ව සිටියහ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya