අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ජනතාවගේ ආදායම වැඩි කරන වැඩපිළිවෙලකට යා යුතුයි

    මාර්තු 23, 2023

    රටේ ජනතාවගේ ආදායම වැඩි කරන වැඩපිළිවෙලකට යා යුතු බවත් ආදායම වැඩි නොකර රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසදිය නොහැකි බවත් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අයි.එම්.එෆ් සහනය සම්බන්ධව පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    විපක්ෂය වගකීම භාර ගත්තේ නෑ. ආර්ථික කළමනාකරණය කරන්න බෑ කිව්වා.අපි සියලු ප්‍රශ්න තියෙද්දි වගකීම භාර ගත්තා.අයි.එම්.එෆ් වැඩපිළිවෙලට සියලු රටවල් එකතු කර ගත්තා. ඇමරිකාව චීනය එක ස්ථානයකට ගත්තා.සියලු රටවල් එක්ක යන්න අපේ ප්‍රතිපත්ති තියාගන්න ඕන. අපිට ප්‍රතිපත්ති ගිළිහුණා. එහි නරක ප්‍රතිඵල තිබුණා. අපි මූල්‍ය විනයක් හදාගත්තා.බදු ප්‍රමාණ අඩු කරගත්තා.ආදායම අඩු කර ගත්තා.

    රටට අවශ්‍ය වැඩපිළිවෙල ආරම්භ කළා.වියදම් අඩු කරන වැඩපිළිවෙලකට යන්න වුණා.මෙහි ප්‍රතිඵලය තමයි අපි භුක්ති විදින්නේ. රටේ දුප්පත් ජනතාවක් ඉන්නවා සහන ලබාදෙන්න ඕන.රටේ ජනතාවගේ ආදායම වැඩි කරන වැඩපිළිවෙලකට යා යුතුයි. ආදායම වැඩි නොකර රටේ මිනිසුන්ගේ ප්‍රශ්නය විසදෙන්නේ නෑ. ආදායම් වැඩි කරන ආර්ථිකයක් ජනතාවට හදා දෙන්න ඕන යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya