අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන පෙත්සම් කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ පත්වෙයි

    මාර්තු 23, 2023

    9 වැනි පාර්ලිමේන්තුවේ 4 වැනි සභාවාරයට අදාලව මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා (21 දින ) තේරී පත්විය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන සහ ජයන්ත කැටගොඩ යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ලොකුගේ මහතා තෝරා පත් කර ගැනිණි.

    මෙහිදී අදහස් දැක්වූ අභිනව සභාපතිවරයා පවසා සිටියේ මහජන පෙත්සම් කාරක සභාවෙන් මීට පෙර ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක නොවූ අවස්ථා පිළිබඳ විශේෂ අවධානය යොමුකර ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.
    මහජනතාවට සාධාරණය ඉෂ්ට කිරීම සඳහා ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරන මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමා මීට පෙර ද කටයුතු කළ බව සිහිපත් කළ ගාමිණි ලොකුගේ මහතා පවසා සිටියේ ඉදිරියේදීත් ඒ සඳහා කැප වන බවයි.

    රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, එස් වියාලේන්ද්‍රන්, අරවින්ද් කුමාර්, ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලිප් වෙදාරච්චි, ජයන්ත කැටගොඩ, මොහොමඩ් මුසම්මිල්, වේලුකුමාර්, වරුණ ලියනගේ, මායාදුන්න චින්තක අමල්, රාජිකා වික්‍රමසිංහ සහ යදාමිණි ගුණවර්ධන යන මහත්මීහු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් ලෙස මෙම අවස්ථාවට එක්ව සිටියහ. මීට අමතරව ජගත් කුමාර සුමිත්‍ර ආරච්චි මන්ත්‍රීවරයා ද මෙම අවස්ථාවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya