අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 322 දෙනෙකුට ආයුර්වේද සේවා සහායක පත්වීම්

    මාර්තු 23, 2023

    සේවක හිඟය නිසා බරපතල අර්බුධ රැසකට මුහුණ පා තිබූ ආයුර්වේද සේවා සහායක හිඟය මග හරවාලමින් බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 322 දෙනෙකු සඳහා III ශ්‍රේණියේ ආයුර්වේද සේවා සහායක පත්වීම් ප්‍රදානය කිරීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් (23) දින රාජගිරියේ පිහිටි කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේදී සිදු කෙරිණ.

    වසර ගණනාවක සිට ආයුර්වේද ක්ෂේත්‍රයේ සේවක හිඟය මත මහජන සේවාවන් නිසි ලෙස පවත්වාගෙන යාමේ අර්බුධ පැන නැගී තිබූ අතර මෙලෙස අද දින පත්වීම් ලැබූ ආයුර්වේද සේවා සහායක නිලධාරීන් දිවයින පුරා පිහිටි ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යම රජයේ ආයුර්වේද රෝහල්, ඔසු උයන් ඇතුළු අනෙකුත් ආයතන වෙත අනුයුක්ත කිරීමෙන් අනතුරුව විධිමත් පුහුණුවක් ලබා දීමෙන් අනතුරුව අදාළ ජනතාව වෙත වඩා විධිමත් සහ ඵලදායී සේවාවක් ලබා දීමේ හැකියාව උදා වනු ලබයි.

    එම පත්වීම් ප්‍රදානෝත්සවයේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා;
    රටේ රාජ්‍ය ආදායමෙන් 80% ක් වැය කරන්නේ රජයේ වැටුප් සහ විශ්‍රාම වැටුප් වෙනුවෙන්. එම නිසා ඔබ වෙත විශාල වගකීමක් පැවරී තිබෙනවා රට වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කිරීමට. නිදහසෙන් පසු වසර 75 ක ඉතිහාසය පිළිබඳ අපි බොහෝ සේ කතා කළත්, අපි රටේ රාජ්‍ය සේවය නඩත්තු කිරීමේ අගය කවුරුත් විමසා බලන්නේ නැහැ. රටේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් විශාල වැය බරක් දරනවා. අද නිදහස් අධ්‍යාපනය නිසා තමයි ලෝකයේ අනෙකුත් රටවල් වලට සාපේක්ෂව දියුණු සාක්ෂරතාවයක් සහිත රටක් බවට පත් වෙලා තිබෙන්නේ. ඒ වගේම නිදහස් සෞඛ්‍ය සේවාව නිසා බොහෝ වසංගත රෝග වලින් තොර රටක් බවට අපේ රට පත්ව තිබෙනවා. ඒ නිසා නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය තුළින් අපේ රට බොහෝ ජයග්‍රහණ රැසක් හිමි කරගෙන තිබෙනවා. සමහරු කියනවා ආණ්ඩුවෙන් අපිට කිසිම දෙයක් වෙලා නෑ කියලා.

    ඒත් අද උපදින දරුවාගේ සිට සියළු දෙනා රාජ්‍ය සේවාවන්ගේ ප්‍රතිලාභ භුක්ති විඳිනවා. අද සේවයට එක්වන ඔබට වගකීමක් තිබෙනවා, යුතුකමක් තිබෙනවා රට වෙනුවෙන් සේවය කරන්න. කරන රැකියාව කැමැත්තෙන්, ආදරයෙන්, ගෞරවයෙන් සිදු කිරීමට කැප වන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

    එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගීතාමනී කරුණාරත්න, ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන, දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) චන්දන තිලකරත්න, යන මහත්ම මහත්මීන් ඇතුළු වෛද්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya