අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියදිවි නසාගැනීම් සම්බන්ධව වාර්තාකරණය වගකීම් සහගත ලෙස මෙන්ම සීරුවෙන් කළ යුතුයි-මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය දියනාත් සමරසිංහ

    මාර්තු 17, 2023

    සියදිවි නසාගැනීම් සම්බන්ධව වාර්තාකරණය ඉතා වගකීම් සහගත ලෙස මෙන්ම සීරුවෙන් කළ යුතු දෙයක් බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය දියනාත් සමරසිංහ මහතා අවධාරණය කළේය.

    ඔහු මේ බව පැවසුවේ ඊයේ (16) ) පෙරවරුවේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවැත්වුණු සියදිවි නසා ගැනීම පිළිබඳව වගකීම් සහිත වාර්තාකරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවේදී අදහස් දක්වමිනි.

    විශේෂයෙන්ම මාධ්‍ය වලින් සියදිවි නසාගැනීම් පිළිබඳව වාර්තාකරණයේදී එය වාර්තා කළ යුතුද යන්න දෙවරක් සිතා බැලිය යුතු යැයිද එවැන්නක් වාර්තාකරන අවස්ථාවකදී අදාල පුද්ගලයා සියදිවි නසාගත් ආකාරය සවිස්තරාත්මක ලෙස හුවාදැක්වීම, සියදිවි නසාගැනීම් සම්බන්ධ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කිරීම මෙන්ම ඒ සඳහා යොදා ගන්නා පොදු ක්‍රමවේද ආදිය ඉදිරිපත් කිරීම නුසුදුසු බවද එමගින් තවත් පුද්ගලයන් සියදිවි නසාගැනීමට පෙළඹවීමට ඉඩ ඇති බවද සඳහන් කළේය.

    සෑම එක් සියදිවි හානිකරගැනීමකදීම විසි දෙනෙකු සියදිවි හානිකරගැනීමට තැත් කරන බවටද මෙහිදී කරුණු අනාවරණය විය.

    මාධ්‍ය ඔස්සේ සියදිවි නසාගැනීම් වාර්තාකරණය ධනාත්මක සහ සෘණාත්මකව සිදුකිරීම මගින් සමාජයේ සියදිවි නසාගැනීම් අඩුවැඩිවීම තීරණය වන බවද අවධාරණය කළේය.

    මෙම වැඩමුළුවේදී මානසික සෞඛ්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂ වෛද්‍ය රොහාන් රත්නායක, හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ,ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශක ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක යන මහත්වරු දේශන පැවැත් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya