අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවස්ථාවේ දී දේශපාලන අවශ්‍යතා මත රට අරාජකත්වයට පත් කිරීමට වැඩවර්ජන සිදුකිරීම අසාධාරණයි

    මාර්තු 16, 2023

    ශ්‍රී ලංකාව වැටී තිබෙන අර්බුදකාරී තත්වයෙන් ගොඩ එමින් තිබෙන අවස්ථාවේදී දේශපාලන අවශ්‍යතා මත රට අරාජකත්වයට පත් කිරීමට වැඩවර්ජන සිදුකිරීම අසාධාරණ බවත්, වෘත්තිකයන්ට මේ මොහොතේදී ඇතිවී තිබෙන
    ආර්ථික ගැටලු සම්බන්ධයෙන් රජය අවබෝධ කරගෙන තිබෙන බවත්, නුදුරේදී ඒවාට විසඳුම් ලැබෙනු ඇති බවත්, ජනමාධ්‍ය හා තැපැල් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

    තැපැල් දෙපාර්තමේන්තුවේ පිහිටි සිය කාර්යාලයේදී ඊයේ (15) පැවති වැඩවර්ජන සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ඊයේ පැවති වර්ජනයේදී තැපැල් දෙපාර්තමේන්තුවට බලපාන කාරණා ලෙස තිබුණේ බඳවාගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් පමණක් බවත්, එයටද විසඳුම් මේ වන විට ගෙන ඇති බවත්, අනෙකුත් කාරණා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඍජුව බලපාන කාරණා නොවන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    තැපැල් දෙපාර්තමේන්තුවේ දිනක ආදායම වන රුපියල් මිලියන 30ක මුදල ඊයේ දිනයේ දී අහිමි වූ බවත්, තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 7,000ක් වුවද වියදම මිලියන 14,000 ක් බවත්, එවන් තත්වයක් යටතේ
    මෙසේ වර්ජනය කිරීම අසාධාරණ බවත් අමාත්‍යවරයා පැවසීය.

    එමෙන්ම මේ මොහොතේදී සංචාරක කර්මාන්තය නැවතත් යථා තත්වයට පත්වෙමින් ආදායම් ඉපයීමට පටන් ගෙන තිබෙන අවස්ථාවක මෙවැනි වැඩවර්ජන කිරීම නිසා නැවතත් සංචාරක කර්මාන්තයට අහිතකර ලෙස බලපෑ හැකි
    බවත්, එපමණක් නොව මේ හැසිරීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්වාසය හානි වීමට හැකියාවක් ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya