ලංගම සහ පෞද්ගලික බස්රථ රියදුරන්ගේ මාර්ගස්ථ විනය පිරිහීමක් තිබෙන බව දක්නට ලැබෙන බවත්, ඒ අනුව ඔවුනොවුන්ගේ අනවශ්‍ය තරඟකාරිත්වය තුළ ආරවුල්, රියදුරන්ට පහර දීම වැනි අඩම්තේට්ටම් සිදුවීම දක්නට ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මාර්ග වලට පුද්ගලික අංශයේ රියදුරන් විසින් ලංගම බස්රථ වලට පහර දීම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වුවහොත්ගමනාගමන මණ්ඩලයේ රියදුරන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම වැරදිකාර වන පුද්ගලික අංශයේ රියදුරන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට තීරණ කර තිබෙන බව ද, එසේම පෙරළා ලංගම බස්රථ රියදුරන් වැරදිකරුවන් වුවහොත් එම වැරදිකාර වන ලංගම බස්රථ රියදුරන් හට ද දැඩි දඩුවම් ලබා දීමට කටයුතු කරන බව ද හෙතෙම මෙහි දී අවධාරණය කළේය.
එමෙන්ම, ලංගම රියදුරන් 800 ක පමණ හිඟයක් තිබෙන බැවින් ලංගම සතු බස්රථ 800 ක් පමණ ධාවනයේ නොයෙදෙන අතර මෑතක දී රාජ්‍ය සේවා කොමිසම මඟින් රියදුරන් කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගැනීමට අවසර ලබා දී තිබේ. මේ වන විට එහි සම්මුඛ පරීක්ෂණ පවත්වාගෙන යන බව ද ඒ අනුව, සිංහල දෙමළ අලුත් අවුරුද්දට ප්‍රථම කෙසේ හෝ මෙම බස්රථ ධාවනය කිරීමට උත්සාහ ගන්නා බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.