නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂාව සඳහා ගෙවන දීමනාව දෙගුණයකින් වැඩි කිරීමට පියවර

    මාර්තු 09, 2023

    උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂාව සඳහා ගෙවන දීමනාව දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

    එම පරික්ෂාවල නිරතවන ගුරුවරුන්ගේ සංයුක්ත දීමනාද රුපියල් 2000කින් වැඩි කිරීටත් පියවර ගත් බව සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවැසීය.

    උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂාව ප්‍රමාද වුණහොත් එය අනෙක් විභාගවලට මෙන්ම සාමාන්‍ය වාර සටහන්වලටත් බලපෑමක් එල්ලවිය හැකි බව ඇමැතිවරයා කියා සිටියේය.

    ආර්ථික තත්ත්වයත් සැලකිල්ලට ගෙන දරුවන්ගේ අනාගතය වෙනුවෙන් උත්තර පත්‍ර පරික්ෂාවට එක් වෙන්නැයි ගුරු වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බවද ප්‍රේමජයන්ත මහතා කීවේය.

    ඒ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව දැනුවත් කර ඒ මඟින් මහාචාර්ය, ආචාර්ය සහ කථිකාචාර්ය සංගම් දැනුවත් කිරීමට පියවර ගන්නා බව හෙතෙම කීවේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, තමා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවයි.කැබිනට් පත්‍රිකාව දැම්මාම සංයුක්ති දීමනාව රුපියල් 2000ක් වැඩි කරලා දැනුම් දීලා තිබෙනවා. උත්තර පත්‍ර සමීක්ෂණය කිරීමේදී විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු 1500ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ වගේම හැම පැනල් එකකම මහාචාර්යවරයෙක් ඉන්න ඕන. ජ්‍යෙෂ්ඨ කථිකාර්යවරුන් ඉන්න ඕන.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya