ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් බහුකාර්ය මැදිරි සංකීර්ණය තුළදී උත්සවාකාරයෙන් පැවැත්විණි.
පිළිගැනීමේ කතාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා විසින් සිදුකළේය.
මහාචාර්ය එදිරිවීර සරච්ච්න්ද්‍ර මහතා වෙනුවෙන් නිපදවන ලද උපහාර ගීතයක් ජනගත කිරීමද මෙහිදී සිදුවූ අතර විද්‍යුත් ජර්නලයක් ජනගත කිරීමද මෙම අවස්ථාවේදී සිදුකෙරිණි.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා ස්මරණය සඳහා මෙන්ම පැමිණ සිටි අමුත්තන් පිනවීමට සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායම විසින් සිංහබාහු නාට්‍ය ගීත රඟදැක්වූහ.
සිය අදහස්දැක්වීමතුළ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අප රටේ සමාජ, සංස්කෘතික සහ කලාවේ ප්‍රගමනය සඳහා අනුපමේය සේවයක් සැපයූ ආයතනයක් බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිහිපත් කළේය.
කලා ක්ෂේත්‍රයේ ඉතිහාසයේ ගමන්මග වෙනස් කිරීම සඳහා වඩාත්ම නිර්ව්‍යාජ දායකත්වයක් සැපයූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා වෙනුවෙන් ගුවන්විදුලියේ කෘතවේදීත්වය සහ අනුස්මරණය පළකිරීම සඳහා එතුමාගේ නමින් ගුවන්විදුලියේ මැදිරියක් නම් කිරීම හේතුවෙන් අද දිනය ඉතිහාස ගතවීම පිළිබඳව විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමා සතුටට පත්වන බවද ඔහු පැවසුවේය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිතුමන්, අධ්‍යක්ෂ ජනරාල්තුමන්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමන් ඇතුළු විද්වතුන් රැසක් සහභාගී වූහ.