නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒකාබද්ධ කම්කරු නීතියක් සකස් කිරීමේ දී ආයෝජකයින්ගේ පාර්ශවයෙන් ද අදහස් ලබා ගැනීමට පියවර

    මාර්තු 09, 2023

    ඒකාබද්ධ කම්කරු නීතියක් සකස් කිරීමේදී ආයෝජකයින්ගේ පාර්ශවයෙන් වන අදහස් ලබාගැනීමට, ලංකාවේ මුදල් ආයෝජනයන් කරමින්, 21,000 කට අධික පිරිසකට රැකියා අවස්ථා ලබා දී ඇති ඉන්දියානු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීවරුන් සමග සාකච්ඡාවක් මෙරට විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සමඟ පසුගිය දා පැවැත්විණි.

    ලංකාවේ කම්කරු නීතියේ පවතින විවිධ පරස්පරතාවයන්, දුෂ්කරතාවයන් පිළිබඳ ඔවුන් අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කරන ලදී.එහි දී විශේෂයෙන්ම ව්‍යාපාරයක් අවසන් කිරීමේදී මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් ඔවුන් දීර්ඝ ලෙස අදහස් ඉදිරිපත් කර තිබේ.

    වර්තමානයේ පවතින ගැටලු හා ආර්ථික වර්ධනය ඉලක්ක කරගනිමින් කම්කරු නීතිය සංශෝධනය කරන ආකාරය සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරුණු පැහැදිළි කළේය.

    ව්‍යාපාරවල සාර්ථකත්වය ආරක්ෂාවන ආකාරයට මෙන්ම, සේව්‍ය සේවක දෙපාර්ශවයටම කිසිදු අසාධාරණයක් සිදු නොවන ආකාරයට, සාමූහික වගකීම ආරක්ෂා වන ආකාරයට මෙම නීති ගෙන එන බවටද අමාත්‍යවරයා සහතික වී තිබේ.

    සේවකයන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් පිළිබදවත්, මාතෘ නිවාඩු ලබාදීමේදී ව්‍යාපාරවලට දැරිමට සිදුවන බර සැහැල්ලු කිරීම සඳහා රජයට මැදිහත්විය හැකි ආකාරය ගැනත් මෙහිදී සාකච්ඡා කරනු ලැබිය.

    කම්කරු අමාත්‍යවරයෙක් සමග ඉතිහාසයේ පළමු වරට මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දියානු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීවරුන් මෙහි දී ඔවුන්ගේ ප්‍රසාදය පළ කළ අතර මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ආර්.පී.ඒ විමලවීර, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, අමාත්‍යවරයාගේ උපදේශක ශාන් යහම්පත් යන මහත්වරු ද එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya