නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුදු මැස්සා මර්ධනයට රට පුරා පොල් වගාකරුවන් 50,000 කට වැඩි පිරිසක් දැනුවත් කරයි

    පෙබරවාරි 27, 2023

    මෙරට පොල් වගාව හා ඒ ආශ්‍රිත වගාවන්ට ඇතිවී තිබෙන සුදු මැස්සා උවදුර මර්ධනයට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 85.5 ක මුදලක් වෙන්කර ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ඒ පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීමක් පසුගිය දා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දි පැවැත්විණි.

    සුදු මැස්සා මර්ධනයට රට පුරා පොල් වගාකරුවන් 50,000 කට වැඩි පිරිසක් දැනුවත් කරමින් , රටපුරා ක්‍රියාත්මක කළ වැඩසටහන් 2200 ක් හරහා පුහුණු ශ්‍රමික 655 ක බලකායකින් මැෂින් 700 ක් යොදාගෙන පොල් ගස් 190,000 ක ප්‍රමාණයක් සුදු මැස්සාගේ උවදුරෙන් මුදාගෙන තිබේ.

    ෙමේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීමට 1920 හා 1928 ඍජු දුරකථන ඔස්සේත් , 0112861011 සාමාන්‍ය දුරකථනය ඔස්සේත් , Coconut App එක හරහාත් , www.coconutsrilanka.lk වෙබ් අඩවිය හරහා ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය හැකි බව වැවිලි කර්මාන්ත අමාත්‍යාං‍ශය පවසයි.

    පොල් වගා කිරීමේ මණ්ඩලය , පොල් සංවර්ධන අධිකාරිය සහ පොල් පර්යේෂණ ආයතනය විසින් ඒකාබද්ධව සුදු මැස්සා උවදුර සහ එහි ව්‍යාප්තිය පිළිබඳවත්, මෙතෙක් ඒ වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුත් මාධ්‍ය දැනුවත් කෙරුණු අතර 2023 ජනවාරි 1 වෙනිදා සිට ආරම්භ කෙරුණු සුදු මැස්සා මර්ධනයේ දින සීයේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳවත්, මාධ්‍ය දැනුවත් කෙරිණි.

    ජනවාරි 1 වෙනිදා සිට ඇරඹි දින සීය වැඩසටහන තුළම මෙලෙස ප්‍රකාශයට පත්කළ විශේෂ සතියක කාලය තුළදී පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල 19 මුල්කොට ගෙන පොල් වගාකරුවන් 2000ක් දැනුවත් කරමින් පොල්ගස් ලක්ෂ 2 ක් සුදු මැස්සා උවදුරෙන් සම්පූර්ණයෙන් මුදා ගැනීමට අපේක්ෂිත ව විය.

    පොල් පර්යේෂණ ආයතනය මගින් හදුන්වා දුන් සුදු මැස්සා මර්ධනය සදහා වූ රසායනික සහ ස්වභාවික ප්‍රතිකර්ම පිළිබඳවද මෙම මාධ්‍ය සාකච්ඡා තුළදී දැනුවත් කෙරුණු අතර 2022 වර්ෂයේ පමණක් පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 817ක් උපයා ඇති අතර , එම අපනයන ආදායම වැඩි වර්ධනය කරගනිමින් ඉදිරියට පවත්වා ගෙන යාමට නම් ,පොල් කර්මාන්තය ආරක්ෂා කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    මෙම මාධ්‍ය සාකච්ඡා අවස්ථාවට වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ,වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති , පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපතිනී මාධවී හේරත් , පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා , පොල් පර්යේෂණ ආයතනයේ සභාපති මල්රාජ් පීරිස් ඇතුළු අමාත්‍යංශ නිළධාරින් එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya