නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියාවේ රැකියා අවස්ථා ඉලක්ක කර ගනිමින් ලංකාවේ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම අවධානයට

    පෙබරවාරි 24, 2023

    කොරියාවේ පුහුණු වෘත්තිකයන් සඳහා පවතින රැකියා අවස්ථා ඉලක්ක කර ගනිමින් ලංකාවේ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම පිළිබඳව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ගේ අවධානය යොමුව තිබේ.

    ඒ අනුව, ඒ සම්බන්ධව (23) දිනයේ විදේශ රැකියා ඇමති සහ කොරියාවේ විශේෂ නියෝජිතයකු සමග සාකච්ඡාවක් පැවතිනි.

    එහි දී, අදාළ පුහුණු මධ්‍යස්ථානය ඉතා කඩිනමින් ආරම්භ කිරීම සඳහා අමාත්‍යවරයා වශයෙන් අවශ්‍ය පහසුකම්, සහයෝගය සහ මැදිහත්වීම සිදු කරන බවටත්, එමගින් කොරියානු රැකියා වෙළෙදපොළ අපේක්ෂා කරන ආකාරයේ පුහුණු වෘත්තිකයකන් පිරිසක් බිහිකිරීමට අවශ්‍ය කටයුතු කරන බවත් මෙහි දී අමාත්‍යවරයා පැවසීය.

    E7 වීසා කාණ්ඩය යටතේ වෑද්දුම් ශිල්පීන් කොරියානු රැකියා සඳහා යොමු කරන ආකාරයෙන් ඉදිරියේ දී පුහුණු වෘත්තිකයන් කොරියානු රැකියා සඳහා යොමු කිරීම තව දුරටත් පුළුල් කිරීමට මේ අනුව අවස්ථාව උදා වෙන බව අමාත්‍යවරයා පවසයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya