අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නවීන මුද්‍රණ සහ ඇසුරුම් ශිල්පීය ක්‍රම හඳුන්වා දීමට සැරසෙයි

    පෙබරවාරි 08, 2023

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුද්‍රණ සහ ඇසුරුම් විසඳුම් සපයන්නෙකු වන Printcare Digital Solutions පෞද්ගලික සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කර ඇත.

    ඔවුන්ගේ නිෂ්පාදනවල තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා වඩාත්ම නවීන මුද්‍රණ සහ ඇසුරුම් ශිල්පීය ක්‍රම හඳුන්වා දීමෙන් අපනයනකරුවන් නඟා සිටුවීමට පහසුකම් සැලසීම මෙම හවුල්කාරිත්වයේ අරමුණයි.

    එසේම අපනයනකරුවන්ට මුද්‍රණ සහ ඇසුරුම්කරණ හැකියාවන් ගවේෂණය කිරීමට අවස්ථාව සලසා දීම සහ තම නිෂ්පාදන සඳහා නවීන තාක්ෂණය යොදා ගනිමින් සහ වඩාත් සුදුසු ඇසුරුම් ක්‍රම අනුගමනය කරමින් නිෂ්පාදන සඳහා තරඟකාරී වාසියක් ලබා ගැනීමට පසුබිම සැකසීම මෙහි තවත් අරමුණු වේ.

    EDB හි සභාපති සහ ප්‍රධාන විධායක සුරේෂ් ඩී ද මෙල් මහතා සහ Printcare Digital Solutions (පුද්ගලික) සමාගමේ සභාපති KR රවීන්ද්‍රන් මහතා මෙන්ම ජාතික ඇසුරුම් මධ්‍යස්ථානයේ සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya