මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාස පහකට මහව- යාපනය දුම්රිය මාර්ගය වසා දැමීමට තීරණයක්

    නොවැම්බර් 28, 2022

    දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාව හේතුවෙන් මහව සිට යාපනයට යන දුම්රිය මාස 05කට නතර කිරීමට සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසීය

    පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

    ජනවාරි 15 සිට, මහව සිට යාපනයට යන දුම්රිය මාස 05කට නතර කරන්න තියෙනවා.යාපනය දක්වා දුම්රිය වැඩි කළා''යැයි අමාත්‍යවරයා කීය.

    මාර්ගයේ යැමට නොහැකි ලෙස පවතින බවත් එය පිළිසකර කර නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. මාස පහකින් අලුත් වැඩියාව නිම වෙනවා. වඩා හොඳ දුම්රිය මාර්ගයක් ලෙස ලබන  ලබන වසරේ දී පත් කර දෙනවා'' යැයි ද අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya