අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යාංශ ලේකම්වරු සිව්දෙනෙක්, සභාපතිවරයෙක් සහ තානාපතිවරයෙකුගේ පත් කිරීමට අනුමැතිය

    නොවැම්බර් 27, 2022

    අමාත්‍යාංශ ලේකම්වරුන් සිව්දෙනෙකුට, ආයතන සභාපතිවරයෙක් සහ තානාපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා (22) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    ඒ අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස උදය ඉන්ද්‍රරත්න මහතා පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

    මේ අතර, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතාගේ පත්වීමට, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස අරුණි විජේවර්දන මහත්මියගේ පත්වීමට, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජේ.එම්.ටී. ජයසුන්දර මහත්මියගේ පත්වීමට සහ තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එන්.ඩී.ගුණවර්ධන මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

    එයට අමතරව, ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කාන්චන රත්වත්තේ මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදුන් බව මහලේකම්වරයා සඳහන් කළේය.පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක   මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, මෙම රැස්වීමට අමාත්‍යවරයන් වන නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙලිය රඹුක්වැල්ල, විදුර වික්‍රමනායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන චමල් රාජපක්ෂ, ජෝන් සෙනවිරත්න, තලතා අතුකෝරල, (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුප්ල්ලේ, රිෂාඩ් බදියුද්දීන්, උදය ගම්මන්පිල සහ ධර්මලිංගම් සිද්ධාර්තන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya