අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රි ලාංකීය හෙද වෘත්තිකයින්ට සිංගප්පූරුවේ රැකියා වරම්

    නොවැම්බර් 25, 2022

    සිංගප්පූරුවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මත සිංගප්පූරු රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රැකියා සඳහා ශ්‍රි ලාංකික සෞඛ්‍ය වෘත්තිකයින්ට රැකියා අවස්ථා උදා වී ඇත.

    මේ සඳහා බඳවාගැනීම් සිංගප්පූරු රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත Ministry of Health Holdings යන ආයතනයට පවරා ඇත. එම ආයතනය විසින් රැකියා අපේක්ෂිතයින් බඳවා ගැනීම් කටයුතු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනයක් වෙත පවරා ඇත. ඒ අනුව ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේද එකගතාවය මත 2022 නොවැම්බර් මස 20, 21 හා 22 දිනවලදී ශ්‍රි ලාංකික හෙද වෘත්තිකයින් සදහා කොළඹදී සම්මුඛ පරීක්ෂණ පවත්වන ලදී.

    එම සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ අයදුම්කරුවන් සඳහා සිංගප්පූරුවේ හෙද මණ්ඩලය (Singapore nursing board) විසින් 2022 නොවැම්බර් 23 මස දින විභාගයක් පවත්වා අදාල සුදුස්සන් තෝරා ගැනීම සිදුකර ඇත.

    සිංගප්පූරුව හා ශ්‍රි ලංකාව අතර නියමු ව්‍යාපෘතියක් වශයෙන් ආරම්භ වූ මෙම බඳවා ගැනීමේ වැඩසටහන ඉදිරියේදීද ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ අධ්‍යනයක් කිරීමටද සිංගප්පූරුවෙන් මෙරට පැමිණි සෞඛ්‍ය අමාත්‍යාංශ නිළධාරීන් මැදිහත් වනු ඇත.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya