මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණික තත්ත්වය- පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

    ඔක්තෝබර් 15, 2022

    දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැලෙන වැසි හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 36 ක් මේ වන විට සූදානමින් තැබීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

    ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත, අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා බටහිර නාවික විධානය ‍මඟින් රත්නපුර ප්‍රදේශය වෙත සහන කණ්ඩායම් 02 ක් සහ කළුතර ප්‍රදේශය වෙත සහන කණ්ඩායම් 04 ක් යොමු කර ඇත.

    තවද, අවශ්‍යතාවය මත කඩිනමින් ස්ථානගත කිරිම සඳහා බටහිර නාවික විධානයේ නාවික හමුදා සහන කණ්ඩායම් 21 ක් සහ දකුණු නාවික විධානයේ නාවික හමුදා සහන කණ්ඩායම් 09 ක් ද සූදානමින් තබා ඇත.

    SL Navy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya