මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නායයාමේ රතු නිවේදන නිකුත් කරයි

    ඔක්තෝබර් 15, 2022

    දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ඊයේ(14) පස්වරු 4සිට 15වැනි දින පස්වරු 4 දක්වා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ඉංගිරිය පාලින්දනුවර සහ බුලත්සිංහල නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ඇහැළියගොඩ ප්‍රදේශවලට මෙලෙස ඉවත් වන ලෙස දැනුම් දෙන රතු නිවේදන නිකුත් කර තිබේ.

    තවද දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදන නිකුත් කර ඇත.


    ඒ් අනුව කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ ‌හොරණ බණ්ඩාරගම මිල්ලනි‌ය මතුගම සහ අගලවත්ත ,කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, වරකාපොළ සහ රුවන්වැල්ල , රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇලපාත, නිවිතිගල, කිරිඇල්ල, අයගම, පැල්මඩුල්ල සහ කුරුවිට ප්‍රදේශවලට දෙවන මට්ට‌මේ නිවේදන නිකුත් කර තිබේ.


    එසේම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක , ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, බේරුවල, පානදුර සහ මදුරාවල සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, මාවනැල්ල, දැරණියගල සහ යටියන්තොට ප්‍රදේශවල ජනතාවට නායයාම් පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසද එම සංවිධානය දනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya