අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල ආරක්ෂා කිරීම රජයට පැවරී තිබෙනවා - ආරක්ෂක රාජ්‍ය  අමාත්‍ය

    ඔක්තෝබර් 05, 2022

    සමස්ත ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිටින ආචාර්ය, මහාචාර්යවරුන්ගේ සහ සිසුන්ගේ ආරක්ෂාව රජයට පැවරී ඇති බවත් , ඒ වෙනුවෙන් රජය බැඳී සිටින බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ඇතැම් ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පැසිස්ට්වාදය, අන්තවාදය, තර්ජනය, මැරකම, පාතාලය ගෙන යන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ප්‍රජාත්‍රන්තවාදය සම්බන්ධයෙන් එකිනෙකාට විවිධ නිර්වචන පැවතිය හැකි නමුත් සාමය නිදහස ප්‍රජාත්‍රන්තවාදය නීතියේ ආධිපත්‍ය ජාතික ආරක්ෂාව නැති තැන වෙන කිසිදු දෙයක් නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya