අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය වෛද්‍ය අමාත්‍යංශයෙන් පාසල් 1000ක ඔසු කැඳ දීමේ ව්‍යාපෘතියක්

    සැප්තැම්බර් 30, 2022

    දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනූව පාසල් දරුවන්ගේ පෝෂණ ඌනතා මගහැරවීම උදෙසා විධිමත් පෝෂණීය ගුණයෙන් යුතු ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩපිළිවෙලක් කියාත්මක අතර ඒ යටතේ දිවයිනේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන් සම්බන්ධීකරණය කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස දිවයිනේ පාසල් 1000ක් මූලික කර ගනිමින් ලෝක ළමා හා වැඩිහිටි දිනයට සමගාමීව ඔක්තෝම්බර් මස 03 වනදා දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.

    රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ පැන නැගී ඇති ජනතාවගේ පෝෂණ ඌනතා මගහැරවීම උදෙසා දිවයින පුරා සිටින ආයුර්වේද, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින ප්‍රජා සෞඛ්‍ය සංවර්ධ නිලධාරීන් සහභාගී කරගනිමින් පුළුල් වැඩපිළිවෙලක් වශයෙන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ඇත.

    ඒ යටතේ ජනතාව දේශීය ආහාර පරිභෝජන රටාවට හුරු කරවමින් දේශීය සහල්, අල වර්ග, කැඳ වර්ග, පලා ඇතුළු ශාකමය ආහාර පරිභෝජනය තුළින් ඔවුන්ගේ පෝෂණ ඌනතා මග හැරවීම උදෙසා විධිමත් ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

    මෙම වැඩපිළිවෙල කැලණිය අධ්‍යාපන කලාපයේ බප/කැල කැලණි මහා විද්‍යාලයෙන් සැප්තැම්බර් මස 30 වනදා එනම් අද පෙරවරු 07.30ට රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන අතර මෙය කැලණිය අධ්‍යාපන කලාපයේ පාසල් 10ක ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya