අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැලේසියානු රැකියා 10,000 ලබාගැනීමට ගිවිසුමක්- මැලේසියානු රජයෙන් කඩිනම් ප්‍රතිචාර  

    සැප්තැම්බර් 23, 2022

    මැලේසියානු රැකියා 10,000 ක් මෙරට ශ්‍රමිකයින්ට විවෘත කිරීම සදහා වන ගිවිසුම අත්සන් කිරීම සදහා මැලේසියානු මානව සම්පත් අමාත්‍ය Datuk Seri M. Saravanan මහතාමැලේසියානු කම්කරු කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ඔක්තෝබර් මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර  එහි දී රැකියා දහදහසට අදාළ වන ක්ෂේත්‍රයන්ගිවිසුම් කාල සීමාවැටුප් ඇතුළු සියලු කොන්දේසි තීරණය කිරීමට නියමිතව ඇත.

    මෙම රැකියා අවස්ථා මෙරට ශ්‍රමිකයින්ට ලබාදීම සම්බන්ධයෙන් වන ගිවිසුම අත්සන් කිරීම පිළිබද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ මෙරට සිටින මැලේසියානු මහ කොමසාරිස්  Dato' Tan Yang Thai මහතා  (22) දිනයේදී කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවති හමුවකදී දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. මනුෂ නානායක්කාර ඇමැතිවරයා මැලේසියානු රජයෙන් පසුගිය ජුනි 23 වැනිදා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෙම රැකියා 10,000 ලංකාවට ලබාදෙන බව මහ කොමසාරිස්වරයා අමාත්‍යවරයා වෙත නිල වශයෙන් දැනුම් දුන්නේය.

    මෙතෙක් කල් මැලේසියානු රැකියා අවස්ථා බංගලාදේශයඉන්දියාව වැනි රටවල්වලට විවෘත වී තිබුණත්මා පසුගිය ජුනි මස 23 වැනිදා  Datuk Seri M. Saravanan මහතාගෙන් කළ ලිඛිත ඉල්ලීමට කඩිනමින් සාධනීය ප්‍රතිචාරයක් ලබාදීම සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පුද කරන බව අමාත්‍යවරයාමහ කොමසාරිස්වරයා වෙත දැනුම් දුන්නේය.

    මැලේසියානු රැකියා සම්බන්ධයෙන් නිල වශයෙන් ද්වී පාර්ශ්වික ගිවිසුමක් අනුව කටයුතු කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතරමනුෂ නානායක්කාර මහතා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය වරයා වශයෙන් කටයුතු කළ 2018 වර්ෂයේ දී ද රැකියා පුහුණුවට අදාළ ව මැලේසියාව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

    මෙය දෙරට අතර වසර හැට පහක රාජ්‍ය තාන්ත්‍රි සබදතා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. මොකද මීට පෙර මේ රැකියා අවස්ථාවන් විවෘත වෙලා තිබුණේ බංග්ලාදේශයඉන්දියාව වැනි අනෙකුත් දකුණු ආසියානු රටවලට විතරයි. අපගේ ඉල්ලීම සලකා බලා මැලේසියානු රජයෙන් ගත් මෙම කඩිනම් පියවර සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් මැලේසියානු රජයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ ම මේ හරහා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතාවන් තව තවත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙනුත් අපි මැලේසියානු රජයට ස්තුතිවන්ත වෙනවා. රටේ බරපතල විදේශ විනිමය අර්බුදයක් ඇති සමයක මැලේසියාව ගත් මෙම ක්‍රියාමාර්ගයට රටක් වශයෙන් අපි සියලු දෙනාගේ ම ස්තුතිය සහ ගෞරවය ලබා දිය යුතුයි” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු හා විදේශ රැකියා අමත්‍ය මනුෂ නානායක්කාර මහතා වැඩි දුරටත් පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya