මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ සහ වෛද්‍ය සැපයුම් කළමනාකරණය කරමින් රෝගියාගේ අපහසුතා අවම කිරීමට උත්සාහ කරනවා

    සැප්තැම්බර් 13, 2022

    රට තුළ පවතින වත්මන් ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් කළමනාකරණය කරමින් රෝගියා

    ගේ අපහසුව ඉතාම අවම කිරීමට සැමවිටම උත්සාහ කරන බව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල් විශේෂඥ වෛද්‍ය ඩී. ආර්. කේ. හේරත් මහතා සදහන් කළේය.

    ඔහු මේ බව කියා සිටියේ, අද (13) සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවති ඖෂධ සම්බන්ධ විශේෂ සාකච්ඡාවේදී කරුණු පැහැදිලි කරමිනි.

    වෛද්‍ය සැපයීම් අංශය අද වන විට ඉතා විශාල රාජකාරියක් සිදුකරන බව කියාසිටි විශේෂඥ වෛද්‍ය ඩී. ආර්. කේ. හේරත් මහතා සෞඛ්‍ය අමාත්‍යංශය තුළ පිහිටා ඇති වෛද්‍ය සැපයුම් අංශය මගින් රෝගියාගේ පැත්තට සහ සැපයීම් අංශයට යන දෙපැත්තකට සම්බන්ධීකරණය සිදුකරන බවද සදහන් කළේය.

    ලංකාවට අවශ්‍ය ඖෂධ සැපයීම් විවිධ ක්‍රම වලින් ලබාගන්නා බවද, ප්‍රධාන වශයෙන් සැපයීම් පිටරට වලින් ආනයනය කරන බවද 20%ක් වැනි ඉතා කුඩා ප්‍රමාණයක් ඖෂධ දේශීයව නිෂ්පාදනය වන බවද කියා සිටියේය.

    පසුගිය දිනවල රටෙහි පැවති ආර්ථික තත්ත්වය සහ ඩොලර් ප්‍රශ්නය එක්තරු දුරකට සැපයුම්කරැවන්ට බලපෑ බවද එහිදී සැපයුම් ජාලය සාමාන්‍ය ක්‍රමයට වඩා තරමක් වෙනස් වී යම් කැළඹිලි ස්වරූපයක් ඇතිවූ බවද පැවසුවේය.

    තවත් සැපයුම්කරුවෙකු ලෙස රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව යම් යම් ඖෂධ දේශීයව නිෂ්පාදනය කර ලබාදීම සිදුකරන බව සිහිපත් කළ වෛද්‍ය ඩී. ආර්. කේ. හේරත් මහතා එම ආයතනයටද ඖෂධ නිෂාපාදනය සදහා අමුද්‍රව්‍ය ගෙන්වීමේ ගැටලුවකට මුහුණපෑමට සිදුව ඇතැයිද සදහන් කළේය.

    එම සැපයීමද යම්තාක් දුරකට අඩාල වන බවද තවත් පාර්ශවයක් වශයෙන් සෘජුවම ඖෂධ සපයන දේශීය නිෂාපාදකයන් හටද මෙම ප්‍රශ්නය එලෙසම බලපාන බවද සදහන් කළේය.

    සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස සැපයුම් ලැබෙතැයි අපේක්ෂා කළද මේ වන විට සැපයුම් වල යම් කැළඹීලි ස්වරූපයක් ඇතිවී ඇතැයිද රෝගීන්ට බෙහෙත් ලබාදීමේදී ලැබෙන බෙහෙත් කළමනාකරණය කරන අතරම වෙනදා මෙන් ඇතැම් විට යැවීමට නොහැකි වන අවස්ථාද ඇතැම්විට මදිපාඩුකම් සිදුවන බවද කියා සිටියේය.

    ආයතන අතර වැඩිපුර පවතින ඖෂධ බෙදාගැනීමට උපදෙස් ලබාදෙන බව කියා සිටි වෛද්‍ය ඩී. ආර්. කේ. හේරත් මහතා redistribution ලෙස වෙනම යාන්ත්‍රණයක් පවතින බවද නිලධාරීන් මෙය දිනපතා අධීක්ෂණය කර උපදෙස්ලබාදෙන බවද කියා සිටියේය.

    රෝහල් අධ්‍යක්ෂවරුන්ට සම්බන්ධ කරගැනීමට පහසුකමක් සපයා ඇතැයිද 1999 නැමති ක්ෂණික ඇමතුම් අංකයක් හදුන්වාදී ඇතිබවද සිහිපත් කළ වෛද්‍ය හේරත් මහතා කුමන හෝ ඖෂධයක ගැටලුවක් ඇතිනම් එම අංකයට එය යොමුකළ හැකි බවද එහිදී එම ඖෂධය ලබාදීම සදහා ගතහැකි සෑම උත්සාහයක්ම එම අංශයෙන් සිදුකරන බව කියා සිටියේය.

    මෙලෙස රෝගියාගේ පාර්ශවය නිරන්තරයෙන් සම්බන්ධීකරණය කර කළමනාකරණය කරන බවද මෙවැනි ආපදාවක් වැනි අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමග සතියකට තුන් හතර වතාවක් සාකච්ඡා කරන බවද සමාලෝචන රැස්වීම් පවත්වා ගතයුතුතීරණ ඉතාමත් වෙගවත්ව ලබාගන්නා බවද කියාසිටි වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා මේ කෙලෙස කටයුතු කළද ඇතැම්විට යම් යම් ගැටලු මතුවන බවද ඒ සෑම විටම ඖෂධ සපයාගැනීමට උත්සාහ කරන බවද කියා සිටියේය.

    මේ දිනවල රටෙහි පවතින තත්ත්වය පිළිබද දැනුවත් අන්තර්ජාතික ප්‍රජාව ආහාර දුව්‍ය, ඖෂධ සහ මුදල් පරිත්‍යාග ලබාදෙමින් උපකාර කරන බවද එලෙස ලැබෙනා මුදල් පරිත්‍යාග සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා මැදිහත්වී කළමනාකරණය කරන බවද පැවසුවේය.

    කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන් සදහාම විහේෂ ප්‍රතිකාරබාදෙන බැවින් ප්‍රධාන වශයෙන් ඖෂධ 900ක් පමණ අවශ්‍ය වන බවද එයින් 90%ක්ම වෛද්‍ය සැපයුම් අංශයෙන් ලබාදෙන බවද කියා සිටි රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සන්තුෂිත සේනාපති මහතා ඖෂධ මිලදීගැනීම සම්බන්ධයෙන් විශාල සහයෝගයක් පරිත්‍යාගශීලීන් ලබාදුන් බවද සිහිපත් කළේය.

    මහරගම අපේක්ෂා රෝහලට වෛද්‍ය සැපයුම් අංශයෙන් ඖෂධ ලබාදෙන බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රාදේශීය රෝහල් මගින් ඖෂධ මිලදීගැනීමට අවස්ථාව සැලසෙන බවද සදහන් කළ මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විහේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ඖෂධ හිගය මගහරවාගැනීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙන්ම දෙස් විදෙස් ආයතන උදවු කරන බවද සදහන් කළේය.

    මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාව සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාද සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya