මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාෂා ප්‍රවීණතාවයක් නොමැතිව වුවද කොරියාවේ රැකියා අවස්ථා - ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය

    සැප්තැම්බර් 13, 2022

    වෙල්ඩින් සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍ර සඳහා කොරියානු රජයේ විශාල වශයෙන් රැකියා අවස්ථා තිබෙන බවත් භාෂා ප්‍රවීණතාවයක් නොමැති වුවද ඒ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව ඇතැයි, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

    NVQ සහතික කිසිමවක් මේ සඳහා අවශ්‍ය නොවන බව පෙන්වා දුන් අමත්‍යවරයා එම ක්ෂේත්‍රෙය් පළපුරුද්ද ඇති ,වයස අවුරුදු 45 දක්වා පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

     අද(13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙම රැකියා සඳහා රුපියල් ලක්ෂ 8 ½ සිට වැටුප් ආරම්භ වේ. යම් පුද්ගලයෙක් මේ සඳහා උනන්දුවක් දක්වයි නම් විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යංශය යටතේ නාවල පිහිටි කාර්යාලයට පැමිණෙන ලෙසත් එහිදී පරීක්ෂණ කමිටුවක් මගින් අදාළ උපදෙස් ලබා දෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. අදාළ පුද්ගලයින්රැකියා සඳහා විදේශ ගත වීමේදී රාජ්‍ය බැංකු මඟින් ණය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

    ජපන් රජය යටතේද සාත්තු සේවය සඳහා විශාල රැකියා ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඉදිකිරීම් සහ අනෙකුත් ක්ෂේත්‍ර සඳහා රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවත් කිසිදු රටකින් ශ්‍රී ලාංකිකයන්ට රැකියා සඳහා වීසා ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya