මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දරුවන්ට දිවා ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කළ යුතුයි- අධ්‍යාපන අමාත්‍ය

    සැප්තැම්බර් 01, 2022

    පාසල් දරුවන්ට දිවා ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ තව දුරටත් ශක්තිමත් කළ යුතු බවත් ඒබැවින් තමා විවිධ විදෙස් සංවිධාන සමග දරුවන්ගේ පෝෂණ තත්වය නගාසිටුවීම සම්බන්ධයෙන් සාක්ච්ඡා කළ බවත් අධ්‍යාපන අමාත්‍ය සභානායක, සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(01) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාසල් දිවා ආහාර වේලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියළි ආහාර තොගයක් ඇමරිකානු රජය විසින් මෙරට ට ප්‍රදානය කර ඇත. අමෙරිකා එක්සත් ජනපදය මගින් ලබා දෙන මෙම ආහාර තොගය සම්බන්ධයෙන් ඊයේ දිනයේ ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රචාර සිදු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ''දරුවන් පාසල එන විට ඔවුන්ට නිසි ආහාරයක් ලැබී නැත්නම් එය ප්‍රශ්නයක්. හිගා කාලා හෝ මේ රටේ දරුවන්ට ආහාර වේලක් ලබාදිය හැකි නම් මම එසේ කරනවා.ඇතැම් පාසල් වල දරුවන්ට මෙම දිවා ආහාරය ලබා දීමේ වැඩපිළිවෙළ දැනටමත් ක්‍රියාත්මක වෙනවා. නමුත් මෙම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරන්න ඕන. මම මේ කළු සූට් එක අද ඇන්ද එකක් නොවේ. මම 1980 ඉඳන් මේක ඇඳන් උසාවි යනවා''යැයි පැවසීය .

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya