මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රථම තැපැල්පතට වසර 150ක් පිරීම නිමිත්තෙන් සමරු තැපැල්පතක්

    සැප්තැම්බර් 01, 2022

    ශ්‍රී ලංකාවේ ප්‍රථම තැපැල්පත නිකුත් කර වසර 150ක් පිරීම නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය මගින් 2022 සැප්තැම්බර් 01 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී සමරු තැපැල්පතක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

    ඒ අනූව 1872 වසරේදී නිකුත් කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම තැපැල්පතේ 150 වන වසර සිහිපත් කරමින් 1872 වසරේ නිකුත් කළ තැපැල්පතේ ඡායාරූපයක් සහිතව මෙම නව තැපැල්පත නිකුත් කරයි.

    1872දී සත 02 වටිනාකමක් යටතේ වික්ටෝරියා රැජිනගේ උඩුකය නිරූපිත මුද්දර හිසක් සහිතව මෙම තැපැල්පත නිකුත් කර ඇති අතර රුපියල් 20ක මුහුණත වටිනාකමක් සහිතව නව තැපැල්පත නිකුත් කිරීමට කටයුතු කර ඇත.

    දෙස් විදෙස් මුද්දර එකතු කරන්නන් වෙනුවෙන්ද මෙම සමරු තැපැල්පත සහිත විශේෂ ඇසුරුමක් (ෆෝල්ඩරයක්) සීමිත පිටපත් සංඛ්‍යාවකින් නිකුත් කිරීමටද තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya