මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව සඳහා මන්ත්‍රීවරු පත් කෙරෙති

    අගෝස්තු 30, 2022

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 126 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ සේවය කිරීම සඳහා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයාගේ සභාපතිත්වයෙන්, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සමග පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා (29) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

     

    ඒ අනුව කපිල අතුකෝරල මහතා, සු. නෝගරාදලිංගම් මහතා, සෙල්වරාජා කජේන්ද්‍රන් මහතා, වරුණ ලියනගේ මහතා, තිසකුට්ටි ආරච්චි මහතා, එම්. උදයකුමාර් මහතා, සංජීව එදිරිමාන්න මහතා,
    කරුණාදාස කොඩිතුවක්කු මහතා, (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා, ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, කිංස් නෙල්සන් මහතා, රෝහණ බංඩාර මහතා, කුමාරසිරි රත්නායක මහතා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, ඩී. වීරසිංහ මහතා, සහ මංජුලා දිසානායක මහත්මිය යන මන්ත්‍රීවරයන් පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කොට තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya