මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කම්කරු ආරවුල් විසදීමේ ප්‍රමාදය ගැන කම්කරු ඇමති නියමයෙන් පරීක්ෂණයක්

    අගෝස්තු 30, 2022

    කම්කරු දෙපාර්තමේන්තුවට ලැබී ඇති කම්කරු ආරවුල් විසදීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීමටත්, ඒ පිළිබද කම්කරු නිලධාරීන්ගෙන් නිදහසට කරුණු විමසීමටත්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා තීරණය කර ඇත.

    දිස්ත්‍රික් කම්කරු කාර්යාල සමග (29) දිනයේ දී පැවති සූම් සාකච්ඡාවේ දී මේ වන විටත් නොවිසදී ඇති කම්කරු ආරවුල් සම්බන්ධ ව අමාත්‍යවරයාගේ දැඩි අවධානය යොමුවිය.

    ඒ අනුව ජුලි මස 31 වැනිදා වන විට කම්කරු ආරවුල් 9,585ක් නොවිසදී ඇති බවට අමාත්‍යවයරාගේ අවධානයට යොමුවිය. මේ වසරේ ජනවාරි පළමු වැනිදා වන විට නොවිසදී ඇති කම්කරු ආරවුල් 10,596ක් වූ අතර ජනවාරි පළමු වැනිදා සිට ජුලි 31 වැනිදා වන විට නව පැමිණිලි 4,935ක් ලැබී තිබුණි. මෙම කාලය තුළ විසදා ඇත්තේ කම්කරු ආරවුල් 5,946ක් පමණි. ඒ අනුව ජුලි 31 වැනිදා වන විට නොවිසදී ඇති කම්කරු ආරවුල් ගණන 9,585ක් වෙයි.

    මේ වසරේ මාර්තු 2 වැනිදා සිට අගෝස්තු 25 වැනිදා දක්වා කාලය තුළ කම්කරු ආරවුල් සම්බන්ධයෙන් පැමිණිලි 4,103ක් ලැබී ඇති අතර, එයින් විසදා ඇත්තේ කම්කරු ආරවුල් 408ක් පමණි. මෙම කාලය තුළ දී පමණක් ලැබුණු කම්කරු ආරවුල් 3,695ක් විසදීමට ඉතිරි ව තිබේ.

    ඵලදායී ලෙස කම්කරු ආරවුල් විසදීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ නියෝජිතයා විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා සිය අවධානය යොමු කළ අතර, එම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා කම්කරු ආරවුල් කඩිනමින් විසදිය යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා ඒ සදහා කම්කරු නිලධාරීන් වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී අයුරින් කටයුතු කළ යුතු බවද පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya