මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එල් ටී ටී ඊ සංවිධානයේ සාමාජිකයන් ලෙස සිටි, පුනරුත්ථාපනය වූ බිරිඳට සහ සැමියාට යුද හමුදාවෙන් නව නිවසක්

    අගෝස්තු 28, 2022

    හමුදාව සමග සටන් වැදී එල් ටී ටී ඊ සංවිධානයේ සාමාජිකයන් ලෙස සිටි, පුනරුත්ථාපනය වූ බිරිඳට සහ සැමියාට යුද හමුදාව විසින් නිවසක් පරිත්‍යාග කොට ඇත.

    යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ (26) දින සිදුකරන ලද යාපනය සංචාරය අතරතුර 2006 - 2009 කාලය තුළ එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකාවක් වන තංගරාසා ධර්මරාණි සහ ඇයගේ සැමියා වන එල්ටීටීඊ සංවිධානයේ 2001 - 2009 වසර දක්වා කටයුතු කළ කුමාර කුලසිංහම් ප්‍රශාන්තම් යන දෙපළ වෙත නව නිවසක් පරිත්‍යාග කිරීම සිදු කරන ලදී.

    මෙම නිවස ඉදිකිරීම සඳහා සම්පූර්ණ ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාවේ භටපිරිස් විසින් ලබාදී ඇති අතර මූල්‍යමය දායකත්වය ලබාදී ඇත්තේ විදේශයක වෙසෙන දානපතියෙකු වන W නඩරාජා මහතා විසිනි.

    මෙම පුනරුත්ථාපනය වූ නිවාස ලාභී දෙපළ පසුගිය යුද සමයේදී යුද හමුදාව සමග සටන් වැදී තුවාල ලැබූවන් වීම සහ යුද හමුදා විසින් ඉතා කෙටි කාලයක් තුළදී මෙම නිවස සදා දීමට සමත් වීම විශේෂත්වයකි.

    -ශ්‍රී ලංකා යුද හමුදාව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya