මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැළණි මිටියාවතේ දුම්රිය මාර්ගයේ විනාඩි 8 කට වරක් දුම්රියක් ධාවනයට පියවර - අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    අගෝස්තු 23, 2022

    කැළණි මිටියාවතේ දුම්රිය මාර්ගයේ විනාඩි 8 කට වරක් දුම්රියක් ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (23) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකඡාවේදී ප්‍රකාශ කළේය.

    පවතින පවත්නා සංඥා ක්‍රමවේදයට අනුව කැලණි මිටියාවතේ ඇතැම් ස්ථාන වල දුම්රියක් එම මාර්ගයට ඇතුළ් කිරීමට නම් විනාඩි 28 කට පෙර කළ යුතු වන බවත්, එක් දුම්රියක් එම මාර්ගයට ඇතුළ් කළ හැක්කේ එක් දුම්රිය ස්ථානයකට ගමන් කිරීමෙන් පසු බවත් මෙහි දී ඒ මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

    ඒ අනුව, කැළණි මිටියාවතේ දුම්රිය මර්ගයේ විනාඩි 8 කට වරක් දුම්රියක් ධාවනය කල හැකි වන ආකාරයට සංඥා පද්ධතිය දියුණු තත්ත්වයට පත් කිරීමට මාස තුනක කාලයක් තුළ නිම කිරීමට තමන් උපදෙස් දී ඇති බවත් මෙහිදී ප්‍රකාශ කළේය.

    එමෙන්ම, මෙම කටයුත්ත මේ වන විට ආරම්භ වී ඇති අතර ඒමේ නිසා අනාගතයේ දී කැළණි මිටියාවතේ දුම්රිය මාර්ග පද්ධතියේ විනාඩි 08 කට වරක් දුම්රිය ධාවනය කිරීමට හැකිවනු ඇති බවත්, එවැනි කටයුතු වලට අවශ්‍ය පුහුණු ශ්‍රමය ලබා ගැනීමට අවශ්‍ය කොන්ත්‍රාත් රාජ්‍ය අංශයේ ආයතනයකට පිරිනැමීමට කටයුතු කරන බවත් ඒ සඳහා වූ යෝජනාවට ඊයේ (22) කැබිනට් අනුමැතිය හිමි වූ බව හෙතෙම මෙහි දී වැඩිදුරටත් පැවසීය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya