මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 282ක් මිළදී ගනී

    අගෝස්තු 23, 2022

    වී අලෙවි මණ්ඩලය ඊයේ (21) දිනයේ වී මෙට්‍රික් ටොන් 282ක් මිළදී ගනී.

    වී අලෙවි මණ්ඩලය විසින් යල කන්නයේ වී මිළදී ගැනීම ආරම්භ කළ පසු සිව්වන දිනය වන ( අගෝස්තු 21) දිනය තුළ වී මෙට්‍රික් ටොන් 282 ක් මිළදීගෙන තිබේ.

     

    ඒ අනුව දින 4ක් තුළ වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 1126ක් මිළදීගත් බව එම මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පවසයි.

     

    (21) දිනය තුළ ද වී අස්වනු නෙළන සහ ගොයම් කපා අවසන් කළ ප්‍රදේශවල වී මිළදී ගැනීම සඳහා ගබඩා 73ක් විවෘතව පවතී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya