මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ සිට කොළඹට කෙටිම කාලයකින් දුම්රිය මගින් ගමන් කිරීමේ අවස්ථාව ඉදිරියේදී උදා වනවා. -ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය

    අගෝස්තු 22, 2022

    උතුරු පළාතේ පොදු ප්‍රවාහන සේවයේ පවතින ගැටළු පිලිබඳ සොයා බැලීම සඳහා යාපනය වෙත පැමිණි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  යාපනය සිට කන්කසන්තුරේ දක්වා දුම්රියෙන් ගමන් කරමින් දුම්රිය මාර්ගයේ නිරීක්ෂණයකද නිරත විය.

    ඉන් අනතුරුව කන්කසන්තුරේ දුම්රිය ස්ථානයේ දී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

    උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට වව්නියාව දක්වා කොටස කෙටි කාලයක් තුල සම්පුර්ණයෙන්ම නවීකරණය කර දැනට නගරාන්තර දුම්රියක්‌ කොළඹ සිට යාපනය දක්වා ළඟාවීමට ගතවන කාලය පැයකින් පමණ අඩු කිරීමට කටයුතු කරන බවත් එමගින් යාපනයේ ජනතාවට මෙන්ම යාපනයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට විශේෂ පහසුවක් සැලසෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    එසේම යාපනයේ සිට කොළඹට විශේෂ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්‌ ආරම්භ කිරීමටද කටයුතු සැලසුම් කර ඇත. ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රවාහන අමාත්‍ය ධුරය බාර ගැනීමෙන් පසුව මේ දක්වා නව දුම්රිය 3ක්‌ යාපනය දක්වා ආරම්භ කර ඇත. Jafna Night Express, යාපනය රාත්‍රී තැපැල් දුම්රිය සහ වව්නියා සිට කිලිනොච්චි දක්වා ධාවනය වන කිලි දේවි දුම්රිය මෙලෙස අලුතින් ධාවනයට එක්කල තිබේ . ඉදිරියේදී මෙම ගමන් වාර ප්‍රමාණය අවශ්‍යතාවය පරිදි වැඩි කිරීමට ද අමාත්‍යවරයා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන්ට අමාත්‍යවරයා විසින් නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් යාපනය ඩිපෝව සහ ආයතන කීපයක්‌ නිරීක්ෂණය සඳහා එක් විය.

    ඩිපෝ වල සෑම අංශයක් වෙතම ගොස් ඒවායේ පවතින තත්වය පිලිබඳ කරුණු සොයා බැලූ අමාත්‍යවරයා ඒවායේ කාර්ය මණ්ඩලය සමඟ ද සුහද සාකච්ඡාවක නිරත විය.

    දැනට පවතින අමතර කොටස්, හා ටයර් හිඟය මඟහරවා ගැනීම සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇති බැවින් ඉදිරියේදී තවත් බස්රථ විශාල ප්‍රමාණයක් ධාවනයට එක්කර ගත හැකි බව මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එසේම අබලන්ව ඇති බස්රථ අලුත්වැඩියාව සඳහා ඩිපෝ වල සිටින දක්ෂ කාර්මිකයින්ගේ සේවය වඩා විදිමත්ව යොදා ගැනීමේ වැදගත්මද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    විශේෂයෙන්ම යාපනය ප්‍රදේශයේ ඩිපෝවල පිවිසුම් මාර්ග හා ඩිපෝ පරිශ්‍ර තුල මාර්ග අබලන් වී ඇති බව නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එම මාර්ග කඩිනමින් කාපට් යොදා පිළිසකර කර දෙන ලෙස මහාමාර්ග අමාත්‍යංශයේ නිලධාරීන් උපදෙස් ලබා දෙන ලදි.

    මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්තුමා, ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිතුමා, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya