මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සදහා පත් කර ඇති කමිටුවේ විශේෂ සමාලෝචන රැස්වීමක්

    අගෝස්තු 20, 2022

    දුෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සදහා පත් කර ඇති කමිටුවේ විශේෂ සමාලෝචන රැස්වීමක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණඅමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණඅමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පසුගියදා (17 ) පැවැත්විණි .

    නව පනතෙහි අන්තර්ගත කරුණු පිළිබදව මෙහිදී සාකච්ඡා වු අතර පනත කඩිනමින්සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය එහිදී අවධාරණය විය.

    දුෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පදනම් කර ගනිමින් නව පනත සකස් කිරීමසිදු කෙරෙන අතර, මෙම සාකච්ඡාව සදහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තාපෙරේරා, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා යනමහත්ම මහත්මීන් ඇතුලු අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීතිකෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන්සභාව නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya