මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ක්‍රීඩා සභාවට අර්ජුන රණතුංග මහතා ප්‍රමූඛ ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්පත් කිරීමෙන් රටේ ක්‍රීඩකයා, ක්‍රීඩාව වෙනුවෙන් කළ හැකි උපරිම සාධාරණය කරන්න හැකි වුණා

    අගෝස්තු 20, 2022

    ජාතික ක්‍රීඩා සභාවට අර්ජුන රණතුංග මහතා ප්‍රමූඛ ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් සාමාජිකයින් ලෙස පත් කිරීමෙන් මේ රටේ ක්‍රීඩකයා, ක්‍රීඩාව වෙනුවෙන් කළ හැකි උපරිම සාධාරණය කරන්න හැකි වූ බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසූයේ උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පසුගිය 16 වනදා ජාතික ක්‍රීඩා සභාවේදී පැවති විශේෂ වැඩසටහනට සහභාගී වෙමිණි.

    එහි දී අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මා පත් කළායින් පසු මට තිබූ අභියෝගය වන්නේ ජනාධිපතිතුමා භාරදුන් වගකිම ඉටු කරන්නේ කෙසේද යන්නයි. අපි ක්‍රීඩකයාට හා ක්‍රීඩාවට උපරිම සාධාරණයක් ඉටු කළ යුතුයි. ඒ උපරිම සාධාරණය ඉෂ්ට කරන්න පසුගිය කාලය පුරා මහන්සි වීමට සිදු වූවා.

    අපිට ක්‍රීඩාවෙන් ලෝකයට නම ගෙනියන්න පුළුවන් වූයේ අර්ජුන රණතුංග අයියා තමන්ගේ කණ්ඩායම සමගින් එදා ලෝක කුසළානය ජයග්‍රහණය කර දීමත් සමගයි. එය අපි අවංකව පිළිගත යුතු කාරණයක්. මළල ක්‍රීඩාවෙන් ශ්‍රියාණි, සුසන්තිකා, දමයන්ති වැනි මහත්මීන්, ජුලියං බෝලීන්, සුගත් තිලකරත්න වැනි මහත්වරුන් එයාලාගේ ශක්ති ප්‍රමාණයෙන් කල කැපකිරීම්වල ප්‍රථිපල නිසා අපේ ක්‍රීඩාව ඉදිරියට පැමිණියා. ක්‍රීඩාවේ අහිමි වූ කොටසකුත් තිබෙනවා. ඉන් එකක් තමයි GS Meet එක.

    සභාපතිතුමනි, අද ඒවා එලෙස ක්‍රියාත්මක වන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ක්‍රීඩා සංචිතයක් තිබුණා. ඒ සංචිතය අද අපිට නැති වී තිබෙනවා. නැවත මේ GS Meet එක නව ආකාරයකින් ආරම්භ කර ප්‍රාදේශීය ක්‍රීඩා සංචිත සකස් කර දෙන ලෙස මම ජාතික ක්‍රීඩා සභාවෙන් ඉල්ලා සිටිනවා.

    මෙතන ඉන්නේ උසස් දක්ෂතා ඇති සීමිත ක්‍රීඩක පිරිසක්. ඔබේ වගකීම යුතුකම රට වෙනුවෙන් ඉටු කරන්න. අපිට මේ අමාත්‍යාංශය ලැබුනේ ලංකා ඉතිහාසයේ අමාරුම කාල වකවානුවක. අපි සියලුමදෙනා ඒ දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා. අර්ජුන අයියාව මම කිහිප වරක් හමුවෙලා එතුමාගෙන් ඉල්ලීම කළේ ඔබතුමා මේ වගකීම භාරගන්න. මට සහාය දෙන්න කියලා.මම ශ්‍රී ලංකාවේ පදක්කම් දිනූ අති විශාල ප්‍රමාණයකට අපි ලිඛිතව ආරාධනා කළා ජාතික ක්‍රීඩා සභාව සකස් කරන මුල්ම සාකච්ඡාවට. වගකීම් ගන්න කියලා මම කෝල් කරලා කිව්වා. අපි වගකීම් භාරගන්න ඕනේ අභියෝග තිබෙන වෙලාවක. මම කනගාටු වෙනවා ඒ ඉල්ලීම ගොඩාක් අය මග හැරියා. මම බොහොම වේදනාවෙන් කතා කරන්නේ. බොහෝ අය මග ඇරපු වෙලාවේ සීමිත පිරිසක් තමයි අමාත්‍යාංශයට පැමිණ අපේ දායකත්වය ලබා දෙනවා යැයි පැවසූවේ. අර්ජුන රණතුංග මැතිතුමා ප්‍රමුඛ ක්‍රීඩා සභාව ඔබ වෙනුවෙන් උපරිමය කරන්න කැපවෙන බව මට ලොකු විස්වාශයක් තිබුණා. ජාතික ක්‍රීඩා සභාවට අර්ජුන රණතුංග මහතා ප්‍රමූඛ ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් සාමාජිකයින් ලෙස පත් කිරීමෙන් මේ රටේ ක්‍රීඩකයා, ක්‍රීඩාව වෙනුවෙන් කළ හැකි උපරිම සාධාරණය කරන්න මට හැකි වූවා

    යුපුන් අබේකෝන් ක්‍රීඩකයා සමග Zoom තාක්ෂණය භාවිතා කර කතා කරන ලෙස මම අර්ජුන රණතුංග මැතිතුමාගෙන් ඉල්ලනවා. මීට පෙර අපි මූලික සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී ඔවුන් ඉදිරි වසර දෙක සඳහා ඩොලර් එක්ලක්ෂ හැටදහසක් ඉල්ලා සිටියා. ඩොලර් එක්ලක්ෂ විසිදාහක් අපිට ඒ වෙනුවෙන් සූදානම් කර දීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා ජාතික ක්‍රීඩා සභාවේ උපදෙස්, නිර්දේශයන් අපිට ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා. අපි ඒ මොහොතේ පුහුණුකරුගෙන් ඉල්ලීමක් කළා අපේ ක්‍රීඩකයින් 04 දෙනෙක් පුහුණුකර දෙන ලෙස. ඔවුන් එයට යහපත් ප්‍රතිචාර දැක්වූවා. පළමුව යුපුන් ක්‍රීඩකයා සමගම පුහුණුව ලබා දීමට ක්‍රීඩකයින් දෙදෙනෙක් ඉතාලියට එවන්න කිව්වා. යුපුන්ගේ පුහුණුකරු හොද පුහුණුකරුවෙක්. එතුමා දිගටම අපිට සහයෝගය ලබා දෙන බව පැවසූවා. ඉදිරියේදීත් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරවන්න කටයුතු කරන බව පැවසූවා.

    මෙම අවස්ථාවට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරුන් ඇතුලු උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya