මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතෘ භූමියේ ආරක්ෂාව තරම් වැදගත් වන වෙනත් කිසිදු කරුණක් පුරවැසියෙකුට නෑ- ජනමාධ්‍ය අමාත්‍ය

    අගෝස්තු 19, 2022

    මාතෘ භූමියේ ආරක්ෂාව තරම් වැදගත් වන වෙනත් කිසිදු කරුණක් පුරවැසියෙකුට නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ''ජාතික ආරක්ෂාව නීතිය සහ මාධ්‍ය වාර්තාකරණය'' යන මැයෙන් අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.


    ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් මිනිසුන්ට නිදහසේ හැසිරීමට, නීත්‍යානුකූල රැකියාවක යෙදීම වැනි මානව අයිතීන් ඇති අයිතිය තහවුරු කර ඇති බවත් එහෙත් නිදහසින් පසු මිනිසත් බවේ දරුණු නායයාමක් සිදුව ඇතැයි අමාත්‍යවරයා කීය. ව්‍යවස්ථාව නියෝජනය කරනු මහජන නියෝජිතයෙක් මහ මග ඝාතනය කරමින් ව්‍යවස්ථාදායකය නියෝජනය කරන 72කුගේ නිවාස ගිනිබත් කරමින් උන්හිටි තැන් අහිමිකරවීම ලෝක ඉතිහාසයේ දැවැන්තම කලු පැල්ලමක් එක් වූ අවස්ථාවක් බව අමාත්‍යවරයා පැවසීය.

    තමාගේ මන්ත්‍රී වැටුප දීර්ග කාලයක් තිස්සේ රණවිරු අරමුදලට පරිත්‍යාග කරන බවත් කිසිදු නිල නිවාසයක් හෝ ඒ සඳහා මුදලක් තමා ගෙන නොමැති බවත් එහෙත් තමා දීර්ග කාලයක් තිස්සේ දුක් මහන්සියෙන් උගන්වා හම්බ කරගත් මුදලින් තනා ගත් නිවස ගිනි බත් කිරීම කණගාටුවට කරුණක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම අවස්ථාවට එක් වූ ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ, සුජාත මාධ්‍යකරණයක් සඳහා අන්නෝන්‍ය විශ්වාසයෙන් සහ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් ආරක්ෂක අංශවල සාමාජිකයන්ද ජාතික ආරක්ෂාව සතු ආයතන සහ මාධ්‍ය ආයතන සියල්ල මෙලෙස අන්නෝන්‍ය අවබෝධයෙන් යුතුව එක්ව ගමන් කළයුතු බවත් එවිට ජනතාවට වඩා ලොකු සේවයක් ඉටුකළ හැකි යැයිද කීය.

    මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට , රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, ජ්‍යේෂ්ඨ නීතිඥ ආචාර්ය ප්‍රතිභාමහානාම හේවා , දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ආචාර්ය අජිත් රෝහණ මහතායන මහත්වරු, ත්‍රිවිධ හමුදා, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශකවරු ඇතුළු ආරක්ෂක අංශවල මාධ්‍ය සම්බන්ධ නිලධාරින්, ජනමාධ්‍යවේදීන් පිරිකස් එක්ව සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya