මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බඩඉරිඟු හා සෝයා ආනයනය සඳහා අවසර දෙන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්

    අගෝස්තු 19, 2022

     

    බඩඉරිඟු හා සෝයා ආනයනය සඳහා අවසර දෙන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්

    සත්ව ආහාර අවශ්‍යතාවය සඳහා බඩඉරිඟු හා සෝයා ආනයනය කිරීමට ආනයන හා අපනයන පාලක අංක 01/ 1969 දරණ පනත යටතේ විවෘත ගිණුම් ක්‍රමවේදය (Open Account ) යටතේ බඩඉරිඟු හා සෝයා ආනයනය සඳහා අවසර දෙන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඒ අනුව 2022. 06. 24 දින රජය විසින් අංක 2285/ 19 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයට ඇතුළත් කර ඇති ආනයනය කළ හැකි අයිතම ලැයිස්තුවට බඩඉරිඟු හා සෝයා ඇතුළත් කරන ලෙස ඉල්ලීමක් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    දැනට පවතින ආර්ථික ගැටලු හමුවේ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය සෝයා හා බඩඉරිඟු ප්‍රමාණවත් පරිදි වෙළඳපොළ තුළ මිල දී ගැනීමේ ගැටලු සහගත තත්ත්වයක් පවතී. මේ නිසා දියරකිරි, කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනයේ යෙදී සිටින ගොවීන් මෙන්ම ව්‍යාපාරිකයින්ද මහත් අපහසුතාවයට පත්ව තිබේ. ජනතාවගේ පෝෂ්‍ය තත්ත්වයන් නංවාලීම සඳහා අවශ්‍ය සත්ව නිෂ්පාදන ධාරිතාවයන් ද මේ වනවිට පහළ ගොස් තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යාංශය සතු දත්ත අනුව 2022 වර්ෂයේ දියර කිරි නිෂ්පාදනය 19.8කින්ද, කුකුළුමස් නිෂ්පාදනය සියයට 12.1කින්ද, බිත්තර නිෂ්පාදනය 34.9කින්ද මෙම වර්ෂයේ පහළ ගොස් ඇත.

    පසුගිය වසරේ මහ කන්නය තුළ ගොවීන්ට වගාව සඳහා රසායනික පොහොර ලබා නොදී නිසා එම කන්නයේ බඩඉරිඟු වගාවෙන් ලැබුනු අස්වැන්න සියයට 20 දක්වා අඩු විය. මේ නිසා සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු, හා සෝයා නොලැබිම හේතුවෙන් රටේ දියර කිරි, කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනයට බරපතල බලපෑමක් මේ වනවිට එල්ල වී තිබේ.

    සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ හතරහමාරකි. සත්ව ආහාර සඳහා බඩඉරිඟු ආනයනය කිරීම සඳහා සත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් සමග කෘෂිකර්ම අමාත්‍යවරයා සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම වසරේ පළමු කාර්තුවේ දී බඩඉරිඟු මෙට්‍රික් ටොන් 134,150ක්ද, දෙවන කාර්තුවේ දී මෙට්‍රික් ටොන් 70,250ක් ද ආනයනය සඳහා බලපත් ලබා දීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
    නමුත් පවතින විදේශ විනිමය හිඟය හමුවේ එසේ ආනයනය කිරීම සඳහා ද යම් බලපෑම් එල්ල වී ඇත.
    සත්ව ආහාර සදහා අවශ්‍ය බඩඉරිඟු හා සෝයා ආනයනය කිරීමට පියවර නොගතහොත් එම කර්මාන්තය බිඳ වැටීමත්, රටේ මහජනතාවගේ පෝෂණ තත්ත්වයන් පවත්වාගෙන යාමට බරපතල තත්ත්වයක් උද්ගතවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya