මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර ප්‍රජාවට භූමි තෙල් ළඟදීම

    අගෝස්තු 19, 2022

    ශ්‍රී ලංකාවට ගෙන්වන ලද බොරතෙල් නැවෙහි තෙල් ගොඩබෑමේ ක්‍රියාවලිය මේ වන විට සිදුවන බවත්, එම බොරතෙල් පිරිපහදු කිරීමෙන් අනතුරුව ඉදිරි දින කිහිපය තුළ මෙරට ධීවර ප්‍රජාවට අවශ්‍ය භූමිතෙල් ඇතුළු ඉන්ධන ලබා දීමට පියවර ගන්නා බවත්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

    අගෝස්තු 18දා(අද) යාපනයේ සිට මාධ්‍යය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඩග්ලස් දේවානන්දා මහතා එය ප්‍රකාශ කළ බව ධීවර අමාත්‍යංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර ඇත.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මාස ගණනාවක සිට ඉන්ධන නොමැතිකමින් ධීවර ප්‍රජාවට ඇතිවී තිබෙන අපහසුතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම ධීවර අමාත්‍යවරයා ලෙස තමන්ද
    අවබෝධ කර සිටින බවත්, රට විශාල ආර්ථික අභියෝගයට ලක්වීම නිසා මෙවැනි තත්වයක් උදා වු බවත් පැවසීය.

    තවත් දින කිහිපයක් ඉවසීමෙන් කටයුතු කරන ලෙස සමස්ත ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීම් කළ අමාත්‍යවරයා බොරතෙල් නැව පිරිපහදු කිරීමෙන් අනතුරුව ධීවර ප්‍රජාවගේ ඉන්ධන අවශ්‍යතාව ඉටු කිරීමට හැකිවන බවද තවදුරටත් තහවුරු කළේය.

    එමෙන්ම පෞද්ගලික අංශය මගින් ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන ගෙනඒමට කටයුතු සකස් කරමින් පවතින බවත්, එසේ ලැබීමෙන් පසු ධීවර ප්‍රජාවට ඉන්ධන ගැටළුවක් ඇති නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya