අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය කරන රැකියා වෙළඳ පොළ මතුගම දී

    අගෝස්තු 14, 2022

    ශ්‍රී ලාංකිකයන් ලක්ෂ තුනකට වැඩි පිරිසක් සඳහා විදෙස් රැකියා ලබාදීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරන "විදේශ රැකියා පොල" වැඩසටහන අද (14) පැවැත්වෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

    මතුගම ශාන්ත මේරි ජාතික පාසලේ දී රැකියා වෙළඳ පොළ පෙ.ව.9.00ට ආරම්භ වෙයි. මේ අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහභාගීවීමට නියමිතය.

    රැකියා වෙළඳපොළෙන් ලබාදෙන සේවාවන් මෙසේ ය.

    1. මැදපෙරදිග හා මැදපෙරදිග නොවන රටවල ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා

    2. වෘත්තීය නිපුණතාවයට වෘත්තීය පුහුණු ආයතන වල මගපෙන්වීම

    3. විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තිය පුහුණු පාඨමාලා සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම

    4. විදේශ රැකියා අපේක්ෂිතයින් සදහා රාජ්‍ය බැංකු ණය පහසුකම්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya