අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානයේ අන්තර් කාලීන පුහුණුව අවසන් කර පැමිණි පුහුණුලාභීන්ට දිරි දීමනා

    අගෝස්තු 14, 2022

    ජපානයේ අන්තර් කාලීන පුහුණුව අවසන් කර පැමිණි පුහුණුලාභීන් හට දිරි දීමනා චෙක්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනුෂ නානායක්කාර මහතාගේ අතින් ( 12 දින) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ දි සිදුකරන ලදි.

    වසර 03ක කාලයක් තුල ජපන් රැකියාව සාර් ථකව අවසන් කර මෙරටට පැමිණි 08 දෙනෙකුට මෙලෙස දිරි දිමනා ප්‍රධානය කළේය.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ ඓM Jඅපන් වැඩසටහන මගින් ජපානය වෙත යවන ලද පුහුණුලාභීන් හට අවුරුදු 03 තාක්ෂණික පුහුණු රැකියාව සාර් ථක ලෙස සම්පූර් ණ කර මෙරටට පැමිණීමේදී ඔවුන්ට දිරි දීමනා ලෙස එක් අයෙකුට ජපන් යෙන් ලක්ෂ 06 ක මුදලක් හිමිවේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 16 කට ආසන්න වේ. සමස්ත වටිනාකම රු. මිලියන 12.6 කට ආසන්න වේ.

    2022 වසරේ මේ දක්වා පුහුණුලාභීන් 32 දෙනෙකුට සඳහා රු.මිලියන 39.8ක දිරී දිමනා ලබාදී තිබේ.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ, සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී සේනානායක යන මහත්වරැන් එක්වී සිටියේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya