අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොරියානු අංශය විදේශ රැකියා ඇමතිගේ නිරීක්ෂණයට

    අගෝස්තු 09, 2022

    කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් පිටත්කර යැවීම කාර්යක්ෂම සහ වේගවත් කිරීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබාදිය යුතු දායකත්වය සම්බන්ධයෙන් සොයාබැලීම සදහා කම්කරු හා විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර මහතා විසින් කොරියානු අංශය නිරීක්ෂණය කෙරිණ.

    එහිදී කොරියානු අංශයේ ලිපිගොනු කළමනාකරණ කටයුතු ඩිජිටල්කරණයට ලක් කිරීමටත්, වඩාත් වැඩි ඉඩකඩක් සහිත පරිශ්‍රයක එම අංශය ස්ථාපිත කරන ලෙසටත් ඇමතිවරයා විසින් උපදෙස් දෙනු ලබීය.

    කොරියානු වීසා අයදුම්පත් ඉල්ලීමේදී පොලිස් වාර්තා ලබාගැනීමේ ප්‍රමාදයක් ඇතිව තිබෙන බව ඒ මහතාගේ නිරීක්ෂණයට ලක්ව ඇති අතර ඒ අවස්ථාවේදීම පොලිස්පතිවරයා හමුවීමට කාර්යාංශයේ සභාපතිතුමන් යොමු කරනු ලැබූ අතර විදේශ රැකියා සදහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් පොලිස් වාර්තා ඉල්ලුම්කරන ශ්‍රමිකයින් සදහා කඩිනමින් පොලිස් වාර්තා ලබාදීමට අවශ්‍ය පරිඝනක ඇතුළු පහසුකම් ලබාදීමට අපි කටයුතු කරන ලෙස අදාල අංශ වලට උපදෙස් දීමට ද මනුෂ නානායක්කාර මහතා විසින් කටයුතු කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya