අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණය ලබන 10 දක්වා පමණයි -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    අගෝස්තු 06, 2022

    නිරිතදිග මෝසම් සුළං සක්‍රීය වීමෙන් දිවයිනේ උද්ගතව ඇති අයහපත් කාලගුණික තත්ත්වය ලබන හත් වනදා සිට කෙමෙන් අඩුවී දහවෙනිදායින් පසුව පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (05) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

    ආපදා තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 10ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 65 ක, පවුල් 3471 සහ පුද්ගලයින් 13, 739 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂ දැනුවත් කිරීම් අධ්‍යක්ෂ සුගත් දිසානායක මහතා කීය. මේ වන විට මිය ගිය සංඛ්‍යාව පස් දෙනෙකි. ආපදාවට පත් අය සුරක්ෂිත මධ්‍යස්ථාන 12කට යොමු කර සිටිති. මධ්‍යස්ථානවල සිටින පිරිසට ආහාර පාන සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියලු පහසුකම් ලබා දී ඇත. දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසිපහේ දිස්ත්‍රික් ආපදාකළමනාකරණ ඒකක 25 සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ඒකාබද්ධව දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු ඊට සහය වෙති. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය නොවන සංවිධාන හා ආයතන රැසක් ඊට එක්ව සිටී.

    සම්පූර්ණ නිවාස හානි 1ක් සහ අර්ධ හානි 1149 ක් සිදුව තිබේ. නාය යෑම් අනතුරු සම්බන්ධව රතු නිවේදන හා දෙවන මට්ටම අනතුරු ඇඟවීම් සිදුකොට තිබේ. දැනට හම්බන්තොට, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට රතු නිවේදන සහ පූර්ව දැනුම්දීම් කර ඇත.

    රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල ජනයා ඉවත් විය යුතු අතර දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් අදාළ වන පිරිස ඉවත්වීමට සූදානම් වී සිටිය යුතුය. බිත්ති වල ඉරිතැලීම් ආදි ලක්ෂණ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් මාධ්‍ය දැනුවත් කිරීමට එක්වෙමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා පැවසීය.  කළු, නිල්වලා, කැලණි ගංගාවල ජල මට්ටම හා මහවැලි ද්‍රෝණිවල ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර අවට ප්‍රදේශවල පදිංචිකරුවන් අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ශෂික ඉරේෂ් මහතා පෙන්වා දුන්නේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya