අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැවත දැනුම්දෙන තුරු පාසල් සතියේ සදුදා, අඟහරුවාදා හා බ‍්‍රහස්පතින්දා දිනවල දී

    අගෝස්තු 05, 2022

    නැවත දැනුම්දෙන තුරු සතියේ සදුදා, අඟහරුවාදා හා බ‍්‍රහස්පතින්දා දිනවලදී පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

     

    2022.08. 08 - 2022.08.12 සතිය තුළ පාසල්වල
    අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාම

    2022.08.08 සිට පාසල් පැවත්වීම සම්බන්ධයෙන් 2022.08.05 (අද) දින අධ්‍යාපන අමාත්‍යංශයේ දී අධ්‍යාපන අමාත්‍යවරයා , අධ්‍යාපන ලේකම් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිළධාරීන් සමඟ මාර්ගගත තාක්ෂණය ඔස්සේ පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පාළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගෙන් ලබාගන්නා ලද අදහස්, මත 2022 පාසල් වර්ෂය සඳහා පාසල්වල දෛනික පරිපාලන කටයුතු හා ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සම්බන්ධයෙන් 2022.07.19 වන දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයට, වැඩිමනත් වශයෙනි. ඒ අනුව නැවත දැනුම්දෙන තුරු සතියේ සදුදා, අඟහරුවාදා හා බ‍්‍රහස්පතින්දා දිනවලදී පාසල් පැවැත්විය යුතු වූවද 2022.08.11 වන බ‍්‍රහස්පතින්දා දින රජයේ නිවාඩු දිනයක් වන බැවින්, උක්ත සතිය තුළ පාසල් පැවැත්වීමේදී පහත සඳහන් පරිදි සිදු කෙරේ.

    1. එම සතියේ සදුදා, අඟහරුවාදා හා බදාදා දිනවලදී පාසල් පැවැත්වීම සහ සිකුරාදා දින සිසු සිසුවියන්ට නිවෙස් පාදක ක‍්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක‍්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදු කිරීම.

    2. ප‍්‍රවාහන අපහසුතා බල නොපාන පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ එකඟතාවය අනුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය මත සිකුරාදා දින ද පාසල් පැවැත්විම හා සෑම ගුරුවරයෙක්ටම අවම වශයෙන් සතියට දින තුනක් පාසල් පැමිණ ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට හැකිවන පරිදි නම්‍යශීලි කාලසටහනක් සකස් කිරීම.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya